ගල් අඟුරු ආනයනය පිළිබඳ මෑතකදී නිකුත් වූ විගණන වාර්තාවත් සමඟ ආණ්ඩුව ආරක්ෂා කිරීමට තමන් මෙතෙක් දැරූ ස්ථාවරය අත්හැරීමට සිදුව ඇතැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
මීට පෙර ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම ගනුදෙනුවේ සැක සහිත තැන් පිළිබඳව ආණ්ඩුවට වාසිදායක ලෙස කරුණු දැක්වූවද, විගණන වාර්තාව මඟින් අනාවරණය කර ඇති කරුණු හමුවේ තවදුරටත් එම "සේදීමේ" ක්‍රියාවලිය සිදු කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.
මෙම විගණන වාර්තාව මඟින් ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී, විශේෂයෙන්ම ටෙන්ඩර් පටිපාටිය සහ සමාගම් තෝරා ගැනීම සම්බන්ධයෙන් බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව තහවුරු වී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් මෙවැනි විශාල ගනුදෙනුවලදී සිදුවිය හැකි අතපසුවීම්වලට වඩා එහා ගිය, කිසියම් පාර්ශවයකට අයතා ලාභ ලබා ගැනීම සඳහා සිදු කළ මැදිහත්වීමක් හෝ හැසිරවීමක් මෙහි පවතින බවට සැක කළ හැකි බව ඔහු පවසයි.
මෙතෙක් කල් ආණ්ඩුවට සැකයේ වාසිය ලබා දෙමින් කටයුතු කළ ද, මෙම නිල වාර්තාව නිකුත් වීමත් සමඟ තමන් මෙතැන් සිට ආණ්ඩුව සැක කරන බවත්, විවේචනාත්මක ආස්ථානයක සිට කරුණු දක්වන බවත් ඔහු ප්‍රකාශ කරයි. මෙම වංචනික ක්‍රියාවලිය හමුවේ ආණ්ඩුවේ විශ්වසනීයත්වය බරපතළ ලෙස ප්රශ්නකාරී වී ඇති බව ඔහුගේ අදහසයි.
මෙම ගනුදෙනුවේ අවසාන වගකීම විෂයභාර ඇමතිවරයා, කැබිනට් මණ්ඩලය සහ එහි ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා භාරගත යුතු බව මහාචාර්ය දේවසිරි පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අධීක්ෂණය කිරීමට අපොහොසත් වීම හෝ වංචනික අභිලාෂයන් පැවතීම යන කරුණු දෙක මතම විදුලිබල ඇමතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු හෝ ඔහුව ඉවත් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
මීට පෙරද අදාළ ඇමතිවරයාට එරෙහිව මෙවැනි චෝදනා පැවතීම තත්ත්වය තවත් බරපතළ කරන බව ඔහු පවසයි.
ආණ්ඩුවට එරෙහි විපක්ෂ කණ්ඩායම් මෙම සිද්ධිය තමන්ගේ පැරණි දූෂිත ප්රතිරූපයන් සෝදා පිරිසිදු කර ගැනීමට අවස්ථාවක් කරගෙන ඇති බවටද මහාචාර්යවරයා මෙහිදී චෝදනා කරයි.
දූෂිත යැයි චෝදනා ලැබූ හිටපු පාලකයින් සහ නිලධාරීන් දැන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ම "විශුද්ධිකරණය" කර ගැනීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඔහු පවසන්නේ, මෙම ගල් අඟුරු වංචාව හරහා සිදුව ඇති පාඩුවේ වින්දිතයා මහජනතාව බවයි. එබැවින්, පාරදෘශ්‍ය පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් හෙළිදරව් කිරීමේ සහ ජනතා සැකය දුරු කිරීමේ සම්පූර්ණ බෝලය දැන් ඇත්තේ ආණ්ඩුව අතේ බව ඔහු අවධාරණය කරයි.

මහ එකා වගේ උඹත් බොරු කියන්න එපා බං. උඹලට විලි ලැජ්ජාවක් නැති සෙවල හැත්තක්. හොරාකන්නේ එලිපිට. අතේ මාට්ටු. හැබැයි කිසි ගානක් නෑ.
ReplyDeleteමූව විස්වාශ කරන්ඩ එපා, මූ කියන්නෙ බොරු. තව ටිකදවසකින් මූ ආයෙත් හෝදන්ඩ පටන් ගන්නව.
Deleteවහල්කම කියන එක මුගෙ ජානවලම තියෙනව. මුගෙ විතරක් නෙමේ අනික් හැම වහලගෙමත් එහෙම්මම තමයි.
Delete100% එකගයි. තව සතියකින් මේ නාකියා කියයි ගල් අඟුරු වංචාවක් උනේ නෑ කියලා.
ReplyDeleteඅන්න හුන්ඩු ආණ්ඩුවේ කුනු හෝදන කක්කුස්සි සුදාට තවත් තොප්පියක් වැටිල, Dark Room ඩාක් රෑම් එකේ අලුත්ම වීඩියෝව
ReplyDelete"සුදත්තට තවත් ප්‍රශ්නයක්" බලන්න.
LAJJAI.... Here is an educated person. Nirmal Ranjith disgustingly disgraceful.
ReplyDeleteමෙතුමට මේ තුට්ටු දෙකේ කලා උපාධියක් තියෙන්නේ, ඕනෑ ගොනෙකුට පුළුවන් කලා විෂයන් වලින් උපාධි පිට උපාධි කරන්ඩ, ඕක්කුන්ට මොලේ කඳුලක් නෑ, ගල් අඟුරු ගැන මොනව කථා කරන්ඩ ද සබ්ජෙක්ට් දන් නැතුව, මෙව්ව ගණන් ගන්ඩ කාරි නෑ.
ReplyDeleteගල් අඟුරු වංචාවක් සිදුවුනේ නැහැයි කියන බොරුව සමාජගත කරන්ඩ මාධ්‍යය වේදීන් කන්ඩායමක් පැලවත්තට ගෙන්නල එකාට රුපියල් ලක්ෂයකුයි., ලැප්ටොප් එකකුයි ගානෙ දීල තියෙනව.
ReplyDeleteකුමාර ජයකොඩි වහාම අගමැති කරමු!
ReplyDeleteඅපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
ගෑස් ඉතිරිකර ආණ්ඩුවට සහයෝගය දෙමු.
ඉරට්ටේ දවස්වල ගල්අඟුරු කමු.
Deleteගල්අඟුරු වලින් එපාවුනා කියන්නෙ රතු ලේබල් තුන්සිය විසිතුනක්ම පන්නනකොට කැමතිවුනාද?
ReplyDeleteගල් අඟුරු වලින් හිතුවා තරම් හමිබඋන් නැතැයි
ReplyDeleteමුගේ විවේචන ස්ටයිල් එක ඕක තමයි.මෙයාලා නරකයි.හැබැයි හිටිය අය මෙයාලට වඩා ගොඩාක් නරකයි.කැම්පස් එකේ කතාවක් තිබ්බා කරන්නේ හිස්ට්‍රි නම් අමුතුවෙන් කාඩ් එකක් ඕන නැහැ කියලා.ඒ තරම් පච මැට්ටො.
ReplyDeletePATIROLL GALAPAKAYA---- api anduwa rakinawa ban oya mona kiwwath
ReplyDeleteBut the government has given up you a long ago. You even did not know when you were cut off!
ReplyDeleteඈ යකෝ මුං මහාචාර්යවරුද ? උං බලයට ගෙනාපු ආණ්ඩුව වැරදි කරද්දිත් ඒ ආණ්ඩුවේ කුණු හේදුවලු, වැරැද්ද වැරැද්ද විදියට සමාජෙට පෙන්නලා දෙන්න බැරි උබලා මහාචාර්යහොරු යකෝ
ReplyDelete