පැලවත්තේ ‘ඩෝබි බලකාය’ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සහ මඩ ප්‍රහාර එල්ල කරන කණ්ඩායම්වලට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම සමාජ මාධ්‍ය කණ්ඩායම්, විරුද්ධ පාර්ශ්වයන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම සිදුකරන අපහාසාත්මක ප්‍රචාර සම්බන්ධයෙන් නිසි විමර්ශන ආරම්භ කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමෙන් පසු එහි ජල කරාම ගලවා ඉවත් කළ බවට පවසමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සර්වජන බලය පක්ෂයේ සංවිධායකවරුන් දෙදෙනෙකුට එරෙහිව එල්ල කළ අසත්‍ය චෝදනා සම්න්ධයෙන් පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇතත්, මෙතෙක් පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බරපතළ තත්ත්වයක් බව ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:
"පොලිසිය පෙර නොවූ විරූ අයුරින් දේශපාලනීකරණය වී තිබෙනවා. දැන් පොලිසිය පාලනය කරන්නේත් පැලවත්තෙන්ද යන බරපතළ ගැටලුව අපට තිබෙනවා. කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම, මහා පරිමාණ ගල් අඟුරු වංචාව සහ 'දිට්වා' සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ලැබී තිබියදී රජය නිසි පියවර නොගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් කළ පැමිණිලිවලට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැහැ. පොලිසිය ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කටයුතු කරන බව මෙයින් ඉතා පැහැදිලියි."
පොලිසියේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව විමසීම සඳහා නව ජනතා පෙරමුණේ සාමාජිකයින් පිරිසක් සමඟ ඉදිරියේදී පොලිස් මූලස්ථානය වෙත යන බවත්, එහිදී නිසි පිළිතුරක් ලැබෙන තෙක් මූලස්ථානය ඉදිරිපිට රැඳී සිටීමට තීරණය කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඇත්තමයි මේ කුනුහරුප කියන එක මිනිස්සු ඒ අය ඉන්න තැන් වටලල ඉවරයක් කරන්න ඕන.ලංකාවටම ලැජ්ජයි. පිටරට පවා දන්නවා ලංකාවෙවෙ අන්ඩුව විපක්ශයට මිනිස්සු දම්මල කුනුහරුප කියනව කියලා.
ReplyDeleteOK
Deleteubalata wada dobiyo koheda bandooo.gotage lekama wela inna kale goo kapparak hodapu ekaa dam reddak kiyawanawa.
ReplyDelete88-89 කාළයේ වනචාරි jeewitha ගතකළ අයට කුණුහරුප කියන එක හරිම සරලයි.
ReplyDelete