දූෂණ චෝදනා ඇති කුමාර ජයකොඩිව බලශක්ති ඇමතිවරයා ලෙස ජනාධිපති පත් කලේ එම දූෂණ පිළිබඳව දැන දැනම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සඳහා මහර බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"අලුත් අවුරුද්දට ජෝන්ස්ටන් ඇමතිතුමත් බලල අවුරුද්දට සුබ පතලා යන්න ආවා.මොකද දැන් ඉතින් ආණ්ඩුවෙත් කෝටි ප්‍රකෝටි ගණන් මංකොල්ල කාපු අය කෙසේ වෙතත් ලක්‍ෂ දෙකහමාරක කාරණයකට දැන් ආණ්ඩුවෙන්ම දැන් ලක්ෂ පහළොවක් විස්සක් වියදම් කරලා තියෙනවා ජෝන්ස්ටන් ඇමතිතුමාව බලාගන්න.
ඇමතිවරයා සම්බන්ධයෙන් විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක දවසක්ම විවාද කරලා ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ආණ්ඩුව 159 දෙනාම ඇමතිවරයාගේ හොඳ කියලා ඇමතිවරයාව ආරක්ෂා කරලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කීප වතාවක් ඇවිල්ලා ගල් අඟුරු සම්බන්ධයෙන් වංචාවක් නැහැයි කියලා විගණකාධිපති වාර්තාවෙත් සඳහන් කාරණා සමහර ඒවා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙන කතාවක් කලින් කියලා වාර්තා වෙන්න කලින් මහජනතාවගේ මුදල් පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේ ඒ ගැන විවාදත් කරල දැන් ඇමතිවරයා ඉල්ලා අස්වෙලා තියෙනවා.හැබැයි ඉතින් ජනාධිපතිවරයාම ඒකට වග කියන්න ඕනේ මොකද මේ ඇමතිවරයා පත් කරනකොටත් පොහොර සම්බන්ධයෙන් චෝදනාවක් තිබ්බා.ඒත් මේ ජනාධිපතිවරයාම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාම කෘෂිකර්ම ඇමතිවරයා කාලේ පත්කරපුු පත්වීමක් තමයි එයා.ඒක දැන දැනත් තමයි පත් කරේ.ඒ කාලේ තිබිච්චම ලොකුම ටෙන්ඩරේ තියෙන ආයතනයට පත්කලා ඔහු ඇමැතිවරයා කාලේ. ඒ වගේම ජනාධිපතිවරයා කාලේ මේ කාලේ තියෙන ලොකුම ටෙන්ඩරේ වෙන්නේ ගල් අඟුරු ටෙන්ඩරේ. ඒ ටෙන්ඩරේ තියෙන ඇමතිවරයා බවට පත් කරා.ජනාධිපතිවරයා දැනගෙන තමයි පත් කරේ.දැන් මේ කාරණය සම්බන්ධයෙන් විපක්ෂය ගිය අවුරුද්දේ ඉඳන් ඩීවී චානක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන් කෙරුවා.මේ ආණ්ඩුව සත පහක් ගණන් ගත්තේ නෑ.ටෙන්ඩරේ කල් දාන්න අවස්ථාව අරන් දුන්නා බාල ගල් අඟුරු ගේන්න අවස්ථාව දුන්නා. ඒකට මුදල් දෙන්නත් අවස්ථාව දුන්නා. දැන් ඉතින් අර ඔක්කොම උනාට පස්සේ ඇමති වරයා ඉල්ලා අස්වෙලා තියෙනවා.හැබැයි ඉතින් ජනතාව අදටත් මේකෙ පාඩුව ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.
ඔව් ඉතින් මේ ආණ්ඩුවම යහපාලන ආණ්ඩුව ඉන්න කාලේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් අමාත්‍යවරයෙක් ඉල්ලා අස් වුනා.මහ බැංකු බැඳුම්කරේ සම්බන්ධයෙන් අමාත්‍යවරයෙක් ඉල්ලා අස් උනා ඉතින් ජේවීපි එක සම්බන්ධ හැම ආණ්ඩුවකම මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා. ඉතින් ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙච්ච වංචා හෝ දුෂණයක් සම්බන්ධයෙන් ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙච්ච පළවෙනි අවස්ථාව නෙවෙයි.ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙනුත් 2015 අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වුනා . ඒ වගේම තමයි මහ බැංකු බැඳුම්කරේ සම්බන්ධයෙනුත් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වුණා. නොයෙක් අවස්ථාවලදී කාරණාවට අමාත්‍යවරු ඉල්ලා අස්වෙලා තියෙනවා.හැබැයි ඉතින් මේකේ පාඩුව කවුද විදදරා ගන්නේ.දැන් ඇමතිවරයා මේ පාඩුව ගෙවලා යන්නේ නෑනේ. එක ජනතාවට මේ වෙනකොටත් විදුලි බිලත් වැඩි කරලා තෙල් මිලත් වැඩි කරලා තියෙනවා.ඒ වගේම තමයි ලෝක වෙළඳපොලේ අසීමිත ලෝක වෙළඳපොලේ වර්තමානයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදීගෙන තියෙන්නේ මේ ආණ්ඩුව.ඒ හින්ද ඇමතිවරු දැන් කියනවා කළු කඩෙන් හරි කමක් නැහැ තෙල් ගන්නවලු.මොකද දැන් නේ ආණ්ඩුව තේරුම් අරන් තියෙන්නේ ලෝක වෙළඳපොලක් තියෙනවා කියලා.
මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වත්කම් හා බැරකම් එතුමා දැන් වසර පනස් පහක් දේශපාලනයට ඇවිල්ල තියෙන්නේ නීත්‍යානුකූලව දෙන්න පුළුවන් හැම අවස්ථාවකම දීලා තියෙනවා.ආණ්ඩුවක් මාරුවෙච්ච හැම අවස්ථාවකම නීත්‍යානුකූලව එතුමා දීපු වත්කම් බැරකම් සම්බධයෙන් ඉල්ලීමක් කරොත් ඒ ලියකියවිලිත් බාර දීලා තියෙනවා.ඒ වගේම තමයි යහපාලන ආණ්ඩුව ආවම ඒ ආණ්ඩු වලින් ඉල්ලපුවත් දීලා තියෙනවා. ඉතින් මේ දීපු තැන් වලින් හොයාගන්න බැරි වුණාම ආයේ ඉල්ලුවම අපි ආයෙත් දෙනවා.දැනුත් ඉල්ලුවාම අපි දීලා තියෙනවා තව ඉස්සරහට ඉල්ලුවත් අපි දෙනවා.මොකද අපිට හංගන්න දෙයක් නෑනේ.
චෝදනාවක් නෙවෙයි මොකද කතෝලික සභාව තුළ යම් චකිතයක් තියෙනවා.කාරණයක් සම්බන්ධයෙන් ඔවුන්ට සැකයක් තියෙනවා මොකද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ නියෝජ්‍ය ඇමතිවරයා විතරක් නෙවෙයි සී අයිඩී එකේ අධ්‍යක්ෂකවරයා ඒකෙ තොරතුරු වසන් කරපු දෙන්නනේ. නැත්නම් තොරතුරු අරගෙන ක්‍රියාත්මක නොවිච්ච දෙන්නෙක්.දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්නත් දාලා තියෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ෆයිල් හංගපු දේශපාලන පත්වීමකින් තනතුරකට ආපු දෙන්නෙක් තමයි මේ ගල් අඟුරු සම්බන්ධයෙනුත් හොයන්න දීලා තියෙන්නේ.ඉතින් කතෝලික සභාව කරන ඉල්ලීම සම්බන්ධයෙන් මම නම් අසාධාරණයක් දකින්නේ නැති සාධාරණ ඉල්ලීමක්. ඒවගේම තමයි කතෝලික සභාව පාස්කුව ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ෆයිල් හංගගෙන හිටපු දෙන්නටත් ඉල්ලා අස්වෙන්න කිව්වොත් හොඳයි.
කවුරු කවුරු ඉතුරු නොවුනත් රටක් රාජ්‍යයක් ඉතුරු වුණොත් හොඳයි.මොකද ඊළඟට එන ආණ්ඩුවකට හරි මේක පවත්වාගෙන යන්න.

President too is a corrupt person
ReplyDeleteඅල්ලස් හා දූෂණ කොමිසමේ සභාපති දූෂිතයි, මාලිමා පක්ෂග්‍රාහීයි කියා නඩුවක් පරවරලා වෙනත් සාධාරණ කෙනෙක් බලයට ගෙනත් මේ මාලිමා රජයේ දූෂිත ඇමතිවරුන්ට නඩු දාලා තීන්දුව එන්න කලින්ම දැන් වාගේ හිරේ දාන්න බැරිද?
Deleteශ්‍රී ලංකාවේ නීතියට අනුව පුද්ගලයෙකු වැරදිකරුවෙකු වන්නේ අධිකරණයකින් ලබා දෙන අවසන් තීන්දුවකින් පසුවය. කෙසේ වෙතත්, පහත අවස්ථාවලදී තීන්දුවට පෙර රක්ෂිත බන්ධනාගාරගත (Remand) කළ හැකිය:
ReplyDelete1) විමර්ශනවලට බාධා කිරීමට ඉඩ ඇති බවට කරුණු පවතී නම්.
2) සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ තිබේ නම්.
3) සැකකරු රටින් පලා යාමට ඉඩ ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළහොත්.
අල්ලස් හා දූෂණ නීතිය යටතේ ඇතැම් බරපතල වැරදි සම්බන්ධයෙන් ඇප ලබා දීම සීමා කර ඇති අතර, එහිදී මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලය ඇත.