ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපතිත්වය තමන් භාරගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා නිවේදනය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ආරාධනයකට අනුව තමන් මෙම ධුරය භාරගත් බවත්, ඒ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නායකයන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ මහතා පවසයි.
ඒ අනුව ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි එම වගකීම භාරගත් බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යළි ස්ථාපිත කිරීම මෙම කමිටුවේ එකම සහ අවංක අරමුණ බව වික්‍රමරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන්, ආයතනික කළමනාකරණ විශේෂඥයන් සහ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් නව දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව මෙහෙයවීමට ලැබීම ගෞරවයක් බව වික්‍රමරත්න මහතා පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීතිරීතිවලට අනුකූලව නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම, විනිවිදභාවය තහවුරු කිරීම සහ දූෂණ විරෝධී ක්‍රමවේද හරහා මහජන විශ්වාසය යළි ගොඩනැගීම, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේද හරහා ජාතික කණ්ඩායම් ශක්තිමත් කර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඔසවා තැබීම කමිටුවේ මූලික අවධානය යොමු වන ප්‍රධාන කරුණු බව සභාපතිවරයා පෙන්වා දෙයි.
පාසල් සහ සමාජ මට්ටමේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සමීපව කටයුතු කළ අයෙකු ලෙස, මෙය ගෞරවනීය මෙන්ම බැරෑරුම් වගකීමක් ලෙස සලකන බවත්, ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය සහ නිර්මාණාත්මක විවේචන මධ්‍යයේ තිරසාර ප්‍රතිඵල අත්කර දීමට කැපවන බවත් එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බෝන් අගේන් වෙනස් වෙනකල් ඕක හදන්න බෑ.
ReplyDeleteThis guy is also a born again man.
Deleteබෝන්අගේන් එකට පුකදෙන කැරියො ටික අයින් කරලා අවුරුදු 19න් පහළ ටීම් එකක් ශ්‍රී ලංකා ටීම් එකට දාලා වැඩේ පටන් ගත්ත නං හොඳ අනාගතයක් තියෙයි.
ReplyDeleteනැත්තං ඔය හැමදාම ඉන්න මෙලෝ රහක් නැති එවුන් ටිකක් තියාගත්තොත් මේ වැඩේ කරන්ඩ වෙන්නෙ නැහැ.
Ehenam ara rohitha rajapakshage gani tatyanayi, shiranthiyi , bauthisma karala inna lamayi tikayi ayin karala hitapan
Deleteෂම්මි එළවන මුවාවෙන් පාදිලි එරාන් හා බෝන් එගේන් සංඝා,කාදිනල්ගේ දිනාල් ෆිලිප්ස්, ප්‍රකාශ් ෂාෆ්ටර් ගෙනැල්ලා ක්‍රිකට් බෝඩ් එකේ බෝනෙගේන් බලය තවත් ප්‍රබල කරලා. මොන එහෙකටද විරුද්ධ පක්ෂයේ ඉන්න එරාන් ගත්තේ නැත්නම්? තවම ඈෂ්ලි සිල්වා එහෙමමයි අවුරුදු 18 ක් ඉඳගෙන ලොකු පුටුවේ කිසිම වැඩක් නැහැ ඒත් ඉතින් බෝන් එගේන් කල්ලියේ නේ.කබලෙන්හ ලිපට රටට.
Deleteඉතුරු ටිකත් කාපල්ලා. ඔබලා ඔක්කොම මිත්‍යාදෘෂ්ටික එකවල්ලේ පොල්.
ReplyDeleteSri Lanka Cricket, Born Again!
ReplyDeletePastor Jerome witharayi adu!
ReplyDelete