ඖෂධ හිඟයක්... බාල ඖෂධ පැමිණීමේ අවදානමක්...


ඩොලරයට සාපේක්ෂව රුපියල් 290 සීමාවේ පැවති රුපියලේ අගය, මේ වන විට රුපියල් 320 දක්වා පහත වැටීම හේතුවෙන් මෙරටට ඖෂධ ගෙන්වීමේ යාන්ත්‍රණය අඩාල වීමේ බරපතළ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

රට තුළ පවතින ඉහළ උද්ධමනයට සාපේක්ෂව ඖෂධ මිල ඉහළ නැංවීමට දේශීය හා විදේශීය ඖෂධ නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන්ගේ අවධානය යොමුව ඇති බවත්, එලෙස මිල ඉහළ ගියහොත් ඖෂධ ආනයනය කිරීමට තරම් ශක්තිමත් මූල්‍ය හැකියාවක් මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුද යන්න සැක සහිත බවත් ඒ මහතා පෙන්වා දෙයි. 

මීට පෙර මෙරට පැවති ආර්ථික අර්බුද සමයේදී ද රුපියල් සංචිත පැවතියත් ඩොලර් හිඟය හේතුවෙන් ඖෂධ හිඟයක් මෙන්ම බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ තත්ත්වයක් නිර්මාණය වූ බව ඔහු සිහිපත් කළේය.

ඖෂධ හිඟයක් පවතින අවස්ථාවලදී ලියාපදිංචි නොවන සැපයුම්කරුවන් හරහා ඖෂධ ගෙන්වීමේ ප්‍රවණතාව ඉහළ යන බැවින්, යළිත් බාල ඖෂධ මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා අනතුරු ඇඟවීය. 

මේ වන විටත් රේගුව මගින් එවැනි ලියාපදිංචි නොවන ඖෂධ තොග රැසක් වටලා ඇති බව පෙන්වා දෙන ඔහු, ඖෂධ හිඟයක් ඇතිවීමට සහ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වීමට පෙර ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම බව ද අවධාරණය කළේය.

1 Comments

  1. අවදානමක් නෙමෙයි, දැන් තියන ඒව ගොඩක් බාලයි. මිනිස්සු නියුමෝනියාවෙනුත් මැරෙනව. මොකද ඉන්දියන් බාල බේත් ආන්සර් කරන්නෙ නෑ. මාලිමාවට කඩේ යන ගොන් ලන්නාවෙ මෝඩයො මැරෙනකොට දන්නෙ නෑ. උන් ගෙනාපු ආන්ඩුවෙ ගොන් වැඩහින්දයි උන් මැරෙන්නෙ කියල.

    ReplyDelete
Previous Post Next Post