Hiru TV විකාශණ බලපත් නවත්තන්නැයි TRCට දන්වයි..


හිරැ රූපවාහිනී නාලිකාවට නිකුත් කර ඇති විකාශන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියමන කොමිෂන් සභාව වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති බලපත්‍රයට අමතරව, විදුලි සන්දේශ නියමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි ද අදාළ නාලිකාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින අමාත්‍ය ලාල් කාන්ත මහතා, පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව එම නාලිකාවට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස ද එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

අදාළ පෞද්ගලික නාලිකාව තමන් පිළිබඳව අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්ති ප්‍රචාරය කළ බව පවසමින් අමාත්‍යවරයා මීට පෙර ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

********************

කොමිෂන් සභාව වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

කේ.ඩී. ලාල්කාන්ත,
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය,
ගොවිජන මන්දිරය,
රාජමල්වත්ත පාර,
බත්තරමුල්ල.

2026.04.22

සභාපති,
ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව,
අංක 276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.

මහත්මයාණෙනී,

ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාවට නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිල්ලයි.

1. කේ.ඩී. ලාල්කාන්ත වන මම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද, වර්තමාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිනෙමි.

2. මා සම්බන්ධයෙන්, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාව විසින් සිදු කරන ලද අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව මා විසින් 2026.04.21 වන දින ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

3. එකී නාලිකාව වෙත ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති බලපත්‍රයට අමතරව, ඔබ කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි ද ඔවුන් විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින්, ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඔබ වෙත යොමු කරමි.

4. 2023 අංක 09 දරන දුෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙක් වන මා විසින් 2024/25 වර්ෂයට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී ඇත.

5. එකී වත්කම් හා බැරකම් ප්‍රකාශය, පවුලේ අනෙකුත් පුද්ගලයන්ගේ නම් හෙළි නොවන පරිදි මහජනතාවට දැකගත හැකි ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමට එම කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

6. මා විසින් ස්වේච්ඡාවෙන් හෙළි කරන ලද මාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය පදනම් කරගනිමින්, ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ ඇති හිරු ටීවී රූපවාහිනී නාලිකාව විසින් 2026.04.16 වන දින (හෝ ආසන්න දිනක) කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රවෘත්තියක් පළ කරන ලදී.

7. මෙම ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර මාගෙන් කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට එකී රූපවාහිනී නාලිකාව කටයුතු නොකළ අතර, එම සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තිය මගින්, මා සතුව රුපියල් කෝටි 46කට අධික වත්කම් පවතින බවට ඔවුන්ගේ ගණනය කිරීමක් මත පදනම්ව කරුණු පළ කරන ලදී. එකී කරුණු සිරස්තල ලෙස දක්වමින් එම ඊනියා ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හා ඩිජිටල් අවකාශයන්හි ප්‍රචාරය කිරීමට ද එම නාලිකාව කටයුතු කර ඇත.

8. 2023 අංක 09 දරන දුෂණ විරෝධී පනත ප්‍රකාරව, වත්කම් හා බැරකම් ප්‍රකාශ කරන පුද්ගලයාගේ නමින් ඇති වත්කම් වලට අමතරව ඔහු සමඟ එකම ගෘහයේ ජීවත් වන බිරිඳගේ සහ අවිවාහක දරුවන්ගේ නමින් පවතින දේපළ ද ප්‍රකාශ කළ යුතු වේ. ඒ අනුව මා විසින් මාගේ බිරිඳගේ සහ දියණියගේ වත්කම් ද එම ප්‍රකාශය මගින් හෙළි කර ඇත.

9. එහිදී මාගේ දියණිය විසින් සමාගම් කිහිපයක මිලදී ගෙන ඇති, මිල දී ගන්නා අවස්ථාවේ දී රුපියල් 90,000 කට ආසන්න වටිනාකමක් වූ, වර්තමාන වටිනාකම අනුව රුපියල් 143,000 කට ආසන්න වටිනාකමක් ඇති සමාගම් කිහිපයක කොටස් සම්බන්ධයෙන් මා වත්කම් බැරකම් ප්‍රකාශයේ හෙළි කර තිබූ කරුණු හිතාමතාම විකෘති කරමින්, මා රුපියල් කෝටි 38කට ආසන්න සුරකුම්පත් / සමාගම්වල කොටස් මිලදී ගෙන ඇති බවට වාර්තා කිරීමට මෙම මාධ්‍ය නාලිකාව කටයුතු කරන ලදී.

10. මෙම අසත්‍ය ප්‍රවෘත්තිය හේතුවෙන් මාගේ කීර්තිනාමයට විශාල හානියක් සිදු වූ අතර, මා සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ජනතාව අතර ඇති කිරීමට එකී ප්‍රවෘත්තිය උත්සාහ කරන ලදී. එම වත්කම් බැරකම් ප්‍රකාශයේ මාගේ බිරිඳගේ සහ දියණියගේ නමින් වන දේපළ ද පවතින බව එම ප්‍රවෘත්තියේ කිසිදු තැනක මහජනතාව වෙත අනාවරණය කිරීමට එම නාලිකාව කටයුතු කළේ නැත.

11. ඉහත කී තත්ත්වය තුළ මා හට සිදු වූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ගෙවන ලෙස මාගේ නීතිඥවරයා මාර්ගයෙන් එම රූපවාහිනී නාලිකාව වෙත මා එන්තර වාසියක් යොමු කරන ලදී.

නිවැරදි කිරීමක්’ ලෙස දක්වමින් නැවත ප්‍රවෘත්තියක් පළ කිරීමට මෙම නාලිකාව කටයුතු කර තිබේ.

13. මාගේ උපදෙස් මත මාගේ නීතිඥවරයා විසින් යවන ලද එන්තරවාසියේ අදාළ කොටස්වල හිමිකාරිත්වය මාගේ දියණිය සතු බවට ලිඛිතව දැනුම් දී තිබියදී පවා, ඔවුන් විසින් 2026.04.18 දින (හෝ ආසන්න දිනක) කරුණු නිවැරදි කිරීමක් ලෙස දක්වමින් පළ කළ ප්‍රවෘත්තියේ දී ද අදාළ කොටස් හිමිකම මා සතු බව හුවා දක්වමින්, ඔවුන්ට ගණනය කිරීමේ දෝෂයක් පමණක් සිදු වූ බවත් වටිනාකම වැරදියට ගණනය කිරීම සම්බන්ධයෙන් පමණක් කනගාටුව පළ කර බවත් ප්‍රචාරය කිරීමට මෙම නාලිකාව කටයුතු කරන ලදී.

14. එලෙස මා විසින් ඔවුන් වෙත එන්තරවාසිය යොමු කරන ලද අවස්ථාවේදී, සිවිල් නීතිය යටතේ අපහාසය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ, ඔවුන්ගේ විකාශන බලපත්‍ර සම්බන්ධයෙන් අදාළ නිසි බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරීමට මා හට ඇති අයිතියට අගතියක් නොවන පරිදි බව විශේෂයෙන් සඳහන් කර සිටියෙමි.

15. මෙහිදී මා ඔබගේ විශේෂ අවධානය යොමු කර සිටින්නේ, රූපවාහිනී නාලිකාවක් යනු මහජනතාව සතු පොදු දේපළක් වන සංඛ්‍යාත භාවිතා කරමින්, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව මගින් ලබා දෙන ලද බලපත්‍ර මත පදනම්ව සිය කටයුතු කරගෙන යනු ලබන ආයතනයක් බවයි.

16. ඒ අනුව, මහජන දේපළක් වන මෙම සංඛ්‍යාත භාවිතා කිරීමේදී, තමන්ට නිකුත් කර ඇති බලපත්‍රයේ අඩංගු කොන්දේසි වලට අනුකූලව සහ එම කොන්දේසි ප්‍රකාරව වගකීම් සහගතලෙස සිය මාධ්‍ය භාවිතය සිදු කිරීමට ඕනෑම රූපවාහිනී නාලිකාවක් නීතියෙන් බැඳී සිටින බව වැඩිදුරටත් අවධාරණය කරමි.

17. ඒ අනුව, මා මෙම ලිපිය මගින් ඔබ වෙත පැමිණිලි කර සිටින්නේ, මෙම රූපවාහිනී නාලිකාව මා සම්බන්ධයෙන් ඉහත කී ආකාරයට කටයුතු කර ඇත්තේ අවම මාධ්‍ය සදාචාරයක් හෝ ගරු නොකරමින් සහ ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසි මෙන්ම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් බවයි.

18. එබැවින්, ඔවුන්ට ලබා දී ඇති විකාශන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් එකී රූපවාහිනී නාලිකාව මෙලෙස නීති විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කරනු ලබන මෙම පැමිණිල්ල සලකා බලා, නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව එම නාලිකාව සම්බන්ධව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙරට පුරවැසියකු වශයෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

13 Comments

  1. නැති වෙන්න කීර්තියක් තියෙන මිනිහෙක් නං කමක් නෑ.තාත්තා සුප්‍රසිද්ධ පොකට්කාරයෙක්.අම්මයි තාත්තයි කියන්නේ එක කුසේ උපන් අයියයි නංගියි.ගමගේ කෑල්ලක් දාගන නම වෙනස් කරගත්තට උපතින්ම හකුරු

    ReplyDelete
    Replies
    1. මෝල් කාන්ත සිටු තුමා ට අපහාස කරන්න දෙයක් නෑ. මෝල් කාන්ත කියන්නෙම අපහාසයක්

      Delete
  2. මේ කාලකන්නි ලාලයා පාරෙ අදගෙන යන්න ඕන. හිරු එකට අත තිබ්බොත් මාලිමාවේ කෑලිත් නෑ. උපාසකාම්මාල ටිකම තෝව කයි.

    ReplyDelete
  3. තමුන් ගේ දුව කෝටි පතිනියක් වෙලා නේ යන්තම් අවුරුදු 18 ට විස්ස වෙද්දී මොකද්ද එයා කරන මෙ කෝටි ගණන් සල්ලි ලැබෙන රස්සාව

    ReplyDelete
  4. එහෙම මාධ්‍ය නිදහස අවුරන්න බෑ රටේ වැරදි ප්‍රවෘතියක් පළ කරොත් ඊට ගත යූතු ක්‍රියා මාර්ග තිබෙනවා හිරු ට ප්‍රවෘත්ති ය වැරදි බව කීවාම ඔවුන් එය නිවැරදි කරා ඒ පවතින නීතිය අනුව අවශ්‍ය නම් ලාල් කාන්ත ට අපහාස වන්දි ඉල්ලා නඩුවක් දාන්න පුළුවන් නමුත් එක පුද්ගල යෙක් නිසා රටේ මහජන යා නරඹන මාධ්‍ය ආයතනයක් වහන්න නීතියේ කිසිම ඉඩක් නෑ එකට අවොත් රටේ ජනතාව හැටියට මිනිස්සු විරුදත්ව ය ප්‍රකාශ කරලා බටහිර තනාදිපති කාර්යාල දැනුවත් කරාවි ඒවගේම ඇමරිකානු ජනාධිපති දැනුවත් කරාවි

    ReplyDelete
  5. ආණ්ඩුව හොරාකන එක නිවැරදි වෙනවද පණිවිඩකරුට වෙඩි තිබ්බම.

    ReplyDelete
  6. මේගොල්ලෝ හිටපු ජනාධිපතිවරු ඇතුළු විපක්ෂයට කරන ලද අපහාසවලට නඩු නැද්ද?

    ReplyDelete
  7. ටිකක් වෙලා ය යි වගේ

    ReplyDelete
  8. "6. මා විසින් ස්වේච්ඡාවෙන් හෙළි කරන ලද..."
    ස්වේච්ඡාවෙන් kathava mokakda? Manthrila neethiyen bandila innava වත්කම් හා බැරකම් ප්‍රකාශ karanna.

    ReplyDelete
  9. Hello Lal kantha, Don't shoot the messenger!

    ReplyDelete
  10. ලංකාවට වෙන්නේ කියුබාවට වෙච්ච දේ තමයි. 1950 ගණන් වල අගභාගයේදි බැටිස්ටව පන්නන්න ඇමරිකාවෙන් කස්ත්‍රෝට සහාය දුන්නා. කස්ත්‍රෝ මිනිස්සුන්ට පොරොන්දු උනේ ඌ බලයට ආපු ගමන් රට හදනවා, හොරකම් නවත්වනවා, දුප්පත් මිනිස්සුන්ව සහන සලසනවා වගේ බයිලා, නමුත් ඌ බලයට ආපු ගමන් කොමියුනිස්ට්වාදය කරේ තියාගෙන මිනිස්සුන්ව හූරගෙන කාපු එකයි කරේ. ඊට පස්සේ මාධ්‍යය නිදහස, මානව හිමිකම්, අධිකරණයේ ස්වාධීන බව බල්ලට දාපු එකයි කරේ, අන්තිමට ඇමරිකාවෙන්ම ඌව අයින් කරන්න සෑහෙන්න ගේම ඇද්දා. දැන් ට්‍රම්ප් කියුබාව අල්ලන්න යන්නේ. ලංකාවට උනේත් මේකයි. රාජපක්ෂලව පන්නන්න කියල, ලපයව බලයට ගෙනාවේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල්, නමුත් දැන් උන්ටත් කොන්ට්‍රෝල් නෑ මුන් කරන වැඩ. ඒකෙන් වෙන්නේ අන්තිමට ලපයව එලවන්න බටහිර රටවල්ම ගේම අදින එකයි. බටහිර සහාය දීපු කිසිම නායකයෙන් වැඩිකල් බටහිර විදියට වැඩ කරේ නෑ, උන් අන්තිමට උන්ට ඕන දේවල් කරලා, බටහිර රටවලින්ම මැරුම් කාපු එකයි උනේ. කස්ත්‍රෝ, මුජහඩින්, සදාම් හූසේන්, අයේතුල්ලා උන් ඔක්කොටම ඇමරිකාව ඇතුළු බටහිර ඉස්සර සහාය දීලා තියෙනවා. ඉස්සර ඉරානය අයේතුල්ලා අල්ලන්න එනකොට, ඉරානේ ඉන්න ලිබරල් උන් තමයි ඌට සහාය දීලා තියෙන්නේත්. ඒ වගේ හරක් ටිකක් ලංකාවේත් ඉන්නේ. ලංකාවේ උන් මෝඩයි. ඉතිහාසය දන්නේ නෑ. මෝඩයෝ ඉන්න රටවල් හදන්න බෑ. ලංකාව කවදාහරි කියුබාවක් වෙලා නවතින්නේ. ඊට කලින් ඔක්කොම උන් ටික රට පැනපල්ලා.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එකට 95% එකහයි. මුන් ඇත්තටම ඇමරිකාවටත් කන්ටෝල් නැති වෙන්නෙ නෑ. මුන්ගෙ ඇති කොමියුනිස්ට්වාදයක් නෑ. සල්ලි හම්බෙනවනන් ඕන වාදයක් මුන්ට OK.

      Delete
Previous Post Next Post