උවිදු කුරුකුලසූරිය මහතා තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා ඇත.
මට දී. මූ. ජයරත්නව මතක් උනා. එයාව මම ඉන්ටර්විව් කළා 94 චන්ද්‍රිකා ආණ්ඩුව ඇවිත් මාස කීපයකට පස්සෙ. ඒව රාවයේ සති දෙකක් පල වුනා. ඔය කලාභවනෙදි කපුගේ ගැන තිබ්බ සම්මන්ත්‍රණය දවසෙදි ලියනගේ අමරකීර්ති මට කිව්ව "උඹ අලුත් ඉන්ටර්විව් කලාවක් පටන් අරං, ඒව පට්ට මචං" කියල. එතකොට අමරෙ මහාචාර්යවත් විශ්ව විද්‍යාල ආචාර්යතුමෙක්වත් නෙමෙයි. මම රොනී ද මැල්ව එහෙමත් ඉන්ටර්විව් කරල ඒව පත්තරේ ගිහින් තිබ්බෙ. නමුත් දී.මූ. කිව්ව කතාව තමයි මේක; මම ඇහැව්ව "දැන් මේ ආණ්ඩුව බලයට ආවෙ 'හොරකම් හොයනව' වගේ කතා කියල, නමුත් මොකුත් වෙන්නෙ නැහැනෙ" කියල. දීමු කිව්ව "බාල්දියේ කුණු කියල, හෝදන්න ගත්තොත්, හෝදල හෝදල ඉවර උනාම, 'බාල්දියේ කොක්ක විතරයි ඉතුරුවෙන්නෙ'" කියලා. [මම මේ කතාව දීමූ මිය ගිය දවසෙත් ලිව්ව]
ඒ කියන්නෙ බාල්දිය හදල තියෙන කොටස සිනිඳු තහඩුවකින් නමුත් කොක්ක හයිය යකඩ ජාතියකින් කියන එකනෙ. මම ඒකට එකඟ වුනේ නැහැ. නමුත් අනුර සහ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනාරාල් රංග බාල්දියේ කොක්ක ඉතුරු වෙනකම් සුද්දෙ දෙන්න ඕන. දූෂණයට විරුද්ධ සටනක අපි ඉන්නෙ. අඩු ගානෙ අනුර ඒක දන්නව. අනුරගෙ කාර්යභාරය තමා, "යුගයේ මෙහෙවර ඉටු කරල ගෙදර යන එක". සුද්දෙම දෙන්න ඕන.
රංගගෙ කාර්යභාරයත් ඒකයි කියල මම හිතන්නෙ. සුද්ද කරලම යන්න!
අනුර ලොකු කතාවක් දුන්න නේද "දූෂණයට එරෙහි සටන භයානකයි ... " කියල අර පරණ කතාවක් ඒක කියපු කෙනාව කෝට් නොකර. ඒකරලම මැරියන්. ඒක තමා "යුගයේ කාර්යභාරය" නුඹට පැවරිලා තියෙන.
ආයෙ ඡන්දෙ ඉල්ලන්න නම් හිතන්නවත් එපා මචං!
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුයියල ඔක්කොම ජනාධිපති අනුරගෙ ආරක්ෂාව හොඳටම බලනව. දෙකයි පනෙහෙ වැඩවලට යන්න එපා "මිනිස්සු අතර ගිහින්, ඒ අයව අතපත ගගා." ඒව ජනප්‍රිය දේශපාලනය! උඹ අනිත් උන් රකින්න විකිනෙන්න එපා!

මේ ලන්ඩන් වල ඉන්න කබර මල්ලිටත් පිස්සු ... ඔය තඹුත්තේගම වාසල පකයටත් පිස්සු... මුන් මේ ලොකු කතා කිව්වට ඇතුල හොඳටම හිස් මිනිස්සු... අනුරයා ජවිපෙ බලය ගන්න කරපු බලු වැඩ .. කපපු බෙලි ගැන දන්නේ ඌ විතරය්.. මේ උවිඳු කියන මෑනුත් කිසිම චාරයක් නැති .. ඇරියස් කප්පරක් එක්ක ජීවත් වෙන චරිතයක්...
ReplyDeleteDn ethakota namal mallige athula pirilada
Deleteඅනුර දිසානායක කියන්නේ පිරිසිදු දේශපාලකයෙක්. ඔහුගේ අත් වල ලේ තැවරිලා නෑ, පක්ෂයේ ඉතිහාසයේ පිරිස් ආයුධ සන්නද්ධ අරගල කෙරුවත්. අනුරගේ නම කිය වෙන් නෑ තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ලලිත්-කූගන්, වගේ නම් එක්ක, නැත්නම් පාස්කු ප්‍රහාරය එක්ක. කිසිම මූල්‍ය වංචාවක් කරලා නෑ, අතපසුවීම් වෙලා තියෙන බව පිලිගත හැකියි, ඒත් කිසිම චේතාන්විත හොරකමක් කරලා නෑ මහ බැංකු මංකොල්ලය වගේ, ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ, ලිය සෙවන වගේ, නැත්නම් හෙල්පින් හම්බතොට වගේ. චෝදනාවක් ආවා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රභල ඇමති කෙනෙකුට විරුද්ධව, චෝදනාව සම්පූර්ණ පරීක්ෂණයකට පත් කරලා හරි වැරදි බව ඔප්පු කරණ තුරු ඔහු ධූරයෙන් ඉවත් වුණා, දැන් නිහතමානීව පසුපස පේළියකට යනවා, රට වෙනුවෙන් සේවය කරන්ඩ ඇවිත්, කුණු කථාත් අහගෙන, ඒවා අහ ගත්තෙත් පිරිසිදු මිනිස්සුන්ගෙන් නම් කමක් නෑ, කම්බ හොරු එකතු වෙලා පිරිසිදු මනුස්සයෙක්ට අපහාස කරණවා හොරකම් කලා කියලා. කමක් නෑ, විනිවිධ භාවයකින් යුත් පරීක්ෂණ කෙරෙනවා, සාක්ෂි සහිත ඕනෑම කෙනෙකුට සාක්ෂි දෙන්ඩ පුළුවන්, සාක්ෂි විභාග වෙන හැටි බලා ගන්ඩ පුළුවන්, ඊට පස්සේ කථා කරමු. හැබැයි තීන්දු එන දාට වැල්ලේ හැංගෙන්ඩ දුවන්ඩ එපා, බල්ලො වාගේ.
ReplyDeleteWell said brother 😄
Delete