දැදුරු ඔයේ මහ විපතක්.. දියේ ගිලී හයක් මරුට..

 


නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයෙන් දැදුරු ඔයට බැස දිය නෑමට ගිය පිරිස මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමෙන් අතුරුදන්ව සිටි සෙසු සිව්දෙනාගේ මළසිරුරු ද මේ වන විට සොයාගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව හයකි.

16 වනදා දහවල් කාලයේදී මෙම පිරිස ඔයේ මංකඩකින් දියට බැස ඇති අතර, එහිදී ඔවුන් දියේ ගිලී ගසාගෙන ගොස් තිබේ.

ඊයේ දිනයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමු වූ අතර, ඉතිරි පිරිස සොයා අද දින ද මෙහෙයුම් ක්‍රියාත්මක විය.

අද සොයාගත් සිරුරු හතරත් සමඟ මෙම ඛේදවාචකයෙන් අතුරුදන් වූ සියලු දෙනාම මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

Previous Post Next Post