නුවරඑළිය මහ නගර සභාව මගින් වත්මන් රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුව පදික වේදිකා වෙළඳාම් සියල්ල ඉවත් මුකදි ඉවත් කිරීමට කටයුතු කල අතර ඉන් අනතුරුව නගරාධිපතිවරයාගේ තනි බලයෙන් හා සියලු වගකීම් තමන් භාරගන්නා බව පසුගිය මාසයේ පැවැති මහා සභාවේදී ප්‍රකාශයක් සිදු කරමින් වෙළඳුන් පිරිසකට පදික වේදිකාව බෙදා වෙන්කර ලබාදීමට කටයුතු කර තිබිණ.
එවන් පසුබිමක නුවරඑළිය නගර සීමාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ට දේශපාලනික වශයෙන් උදව් කළ සාක්ෂිකයන්ට පමණක් නොමිලේ අවස්ථාව ලබාදී අනෙක් වෙළඳුන්ගෙන් රුපියල් දහස බැගින් විටින් විට කිසිදු ලදු පතක් නිකුත් නොකර මුදල් අය කරන බව මුහුණු පොත හරහා වෙළන්දෙකු ප්‍රකාශයක් නිකුත් කර තිබීයදී අදාළ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම එම වෙළෙන්දාට මරණ තර්ජනයක් සිදු කර ඇති බව ඔහු චෝදනා කරයි.
එලෙස මරණ තර්ජන සිදු කිරීම පිළිබඳව වෙළඳා විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර පැමිණිල්ල විභාග කිරීමේදී මන්ත්‍රීවරයාගේ හිතවතුන්ගේ පැත්ත ගත් පොලිසිය පැමිණිල්ල සිදුකළ අය විසින් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති වීඩියෝව ඉවත් කර ගන්නා ලෙසත් ප්‍රශ්න සියල්ල විසඳා ගත් බවට හා වැරැද්ද තමා අතින් සිදුවූ බවට ප්‍රකාශයක් සිදුකර වීඩියෝවක් පළ කරන ලෙසට පොලිසිය බලපෑම් සිදුකළ බවද වෙළෙන්දා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂාව තහවුරු කර ජීවනෝපාය සිදු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට බලධාරීන්ට මැදිහත් වන ලෙසයි.
මෙම ගැටළුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන මාකඳුරේ රතනවංස හිමියන්ගෙන් අප සිදු කළ විමසුමකට උන්වහන්සේ කිය සිටියේ මහනගර සභාවේ රිසික්පතක් නිකුත් නොකර මුදල් අය කරනවානම් එයය පගා වශයෙන් මුදල් අය කිරීමක් බැවින් අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි .
මෙම ගැටළුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති නීතිඥ සිවන්ජෝති යෝගරාජා මහතාගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ සභාවේ කිසිදු යෝජනා ස්ථීරත්වයක් නොගෙන නගරාධිපතිවරයාගේ තනි කැමැත්තට හා බලය යොදමින් නගරාධිපති විසින් ලබා දුන් පදික වෙළඳාම සඳහා වන අවසරය තුලින් මතුවන ඕනෑම ගැටලුවක වගකීම තමන් භාරගන්නාා බව පවසා ඇති බැවින් අත්තනෝමතික ලෙස මුදල් එක් රැස් කිරීම හා පක්ෂපාති අන්දමින් කටයුතු කිරීම පැණි දේවල් වලට නගරාධිපති වග කිව යුතු බවයි .
වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය නගරාධිපති ,
ලංකා කම්කරු කොංග්‍රසය සහ ජාතික ජන බලවේගය එක්ව නගර සභාව පිහිටුවද පදික වෙළඳාම් සඳහා වෙළඳුන් යෙදවීමට අපට වෙනම කෝටාවක් ලැබිලා නැහැ.
අපි ඒක ඉල්ලන්න ගියෙත් නෑ මොකද ඒක දාලා තියෙන්නෙ පෞද්ගලික උවමනා මත කියන එක අපි දන්න නිසා.
මෙම ගැටලුව පිළිබඳ එළඹෙන මහ සභාවේදී අපි කතා සුදුසු ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.
මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් පිළිතුරක් ලබා ගැනීමට මාද්‍යට වුවමනාවක් ඇති නමුත් ඔහු අප දැනුවත් කර ඇත්තේ සිය පක්ෂයෙන් මාධ්‍යයට කිසිදු ලබාදීමට අවසර ලබාදී නොමැති බවයි.
පසුකාලීනව එම අවසරය ලැබුණු දිනක මාද්‍යට දැනුම් දෙන බවද නගරාධිපතිවරයා මීට පෙර සිදුකළ විමසීම් වලදී මාධ්‍ය වෙත දැනුම් දී ඇත .
- ආර්.එෆ්.එම්.සුහෙල්

මේ මොන මගුලක්ද මේ ? මේ අවජාතකයෝ ඔක්කොම අංක එකේ වංචාකාරයෝ නේද ?
ReplyDeleteමල් පෝච්චි ///////// Gedara palayan Lape //// You cant
CLEAN SRI LANKA
Deletemeka handle karana ewn hondata hoyala balapalla
ethakota therei
අයියෝ ලක්ෂ හැට අටක් තෝරලා තියෙන්නේ ලෝක හොරු සෙට් එකක්නේ.
ReplyDelete