භාණ්ඩාගාරයට සයිබර් හොරු පැනලා මුදල් සොරකම් කරලා..- ජනාධිපතිගේ අමාතා්‍යංශය නිල වශයෙන් පිලිගනී.. නිවේදනය මෙන්න..


මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් හැකර්වරුන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී ඇති බව එම අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර සිටියි.

මෙම සිදුවීමට අදාළව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. 

සයිබර් හැකර්කරුවන් විසින් ආයතනය තුල ඇති දෙපාර්තමේන්තුවක පරිගණක පද්ධතියකට ඇතුළුවීම

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදු කල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙතදැනටමත් පැමිණිලි කර ඇත.

2026 ජනවාරි මාසය තුළදී, විදේශ මුදල් ප්‍රමාණයක් ගෙවීම පිළිබද හඳුනාගත් තොරතුරු අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට (SL-CERT) හා ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය (Computer Crime Investigation Division) වෙතදැනුවත් කිරීම කරනු ලැබිණි. ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණ වලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කිරීම සිදු කරන ලදී. එලෙසම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) වෙත ද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් ද සිදු කර, අවශ්‍ය ක්‍රියායාමාර්ග ගෙන ඇති අතර නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්, අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා සිදු කරන විමර්ශන සඳහා අවශ්‍ය සහාය දැක්වීම සහ අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කර ඇත.

දැනටමත් විමර්ශන කටයුතු සිදුවන බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන සේ, මේ පිළිබඳව යාවත් කාලීන තොරතුරු, සුදුසු ඉදිරි අවස්ථාවක දී ලබා දීමට කටයුතු කෙරේ.

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම් වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.

13 Comments

  1. අපි මාලිමාවට , මාලිමාව අපිට

    ReplyDelete
    Replies
    1. EPF අරමුදල මංකොල්ල කාපු තක්කඩි උඩුරැවුල් පොන්නලාල් ෆකයාට පුක හම යනතුරු කස පහර දීමට යෝජනා කරමු,

      Delete
  2. කෙබර කොටා නොහොත් ලපයා විපක්ෂයේ හිටියා නම් පොලොවෙ පස් කනවා.

    ReplyDelete


  3. ඔයාටයි ඔයාගෙ විකටයටයි රාජ්‍ය පාලනය කරන්න බෑ ලපේ ගෙදර පල

    ReplyDelete
    Replies
    1. හොරා කනවා නම් හොරා කන්න ඕනේ ආයේ ලොවෙත් නැතිවෙන්නම.

      Delete
  4. කෙබර කොටාම තමයි හැකර් !!

    ReplyDelete
    Replies
    1. ලෙසටම
      හොරකං කරනවා ආයෙ ලොවෙත් නැතිවෙන්න

      Delete
  5. මුදල් ඇමතිවරයෙක් විදියට ඔයා ගෙදර යන්න ඕනේ අනුර

    ReplyDelete
    Replies
    1. හොරා කනවා නම් හොරා කන්න ඕනේ ආයේ ලොවෙත් නැතිවෙන්නම.

      Delete
  6. පච ලපය රවි කරුපයියා ලන් කරන් ඉන්න U කෙළ ලා ඇති මුට හොරෙන් මුන් මෝඩ යෝ නේ

    ReplyDelete
  7. මහ බැංකුවේ ගොන්තඩිය : අපිට ඇති තරම් ඇමරිකානු ඩොලර් තියෙනවා, ඒ නිසා කරදර වෙන්න අවශ්‍ය නැහැ.

    හෙට මාධ්‍ය හමුවකදී මේක කියන්න පුළුවන් ☝️

    ReplyDelete
  8. එකෙක් කොන්ටේනර් ටැංකි තුන්සිය ගානක් පිට පාරෙ නිදහස් කරලා මුදල් අමාත්‍යංෂෙන් හොරකං කළා
    තව එකෙක් බලශක්ති අමාත්‍යංෂෙට හොරා පැනල මුදල් හොරකං කළා
    දැන් භාණ්ඩාගාරේට
    මහා පොදු සාධකය හෙවත් නවතම සයිබර් හොරා - අංර

    ReplyDelete
    Replies
    1. හොරා කනවා නම් හොරා කන්න ඕනේ ආයේ ලොවෙත් නැතිවෙන්නම.

      Delete
Previous Post Next Post