පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර කිහිපයකට පසු ප්‍රථම වතාවට නිර්දේශ ඇතුළත් ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී ඇති බැවින්, ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ අවසන් තීරණය ගැනීම අධිකරණයට භාර කළ යුතු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.
"පාස්කු ප්‍රහාරයෙන් පසුව බලයට පත්වූ ආණ්ඩු කිහිපයක්ම විමර්ශන කොමිෂන් සභා පත් කළා. එම කොමිෂන් සභාවල විවිධ නිර්දේශ තිබුණත්, කිසිදු අවස්ථාවක එම නිර්දේශ අධිකරණය වෙත නිසි ලෙස ඉදිරිපත් වී තිබුණේ නැහැ. නමුත් දැන් ප්‍රථම වතාවට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පිටු 25ක ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා"
විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල වුවද, ඕනෑම සිදුවීමක අවසන් තීරණය දීමේ බලය ඇත්තේ අධිකරණයට පමණක් බවත්, අධිකරණ ක්‍රියාදාමයට බාධා නොකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
"අපේ රටේ තිබෙන්නේ ඉතාමත් විශිෂ්ට සහ විශ්වාසනීය අධිකරණ පද්ධතියක්. අපේ විනිශ්චයකාරවරුන් ජාත්‍යන්තර අධිකරණවල පවා තනතුරු හොබවා තිබෙනවා. එම නිසා පාස්කු මහමොළකරුවන් සෙවීමේ වගකීම සහ ඒ පිළිබඳ තීරණය ගැනීම අධිකරණයට භාර දී, එම ක්‍රියාවලියට සහාය දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා." යැයිද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රවියයි, ශානියයි ඊබ්‍රහිම් නානවයි නිදොස් කර නිදහස් කරගත්තනම් ඒ ඇති
ReplyDeletepuke agila gahala balagena idapan maha mola karu hoya gannakal kari JVP ballo
ReplyDeleteGota neda?
DeleteAKD wenna berida? Jepponta komatat mini marala puruduine
Deleteමහ මොළකරු අල්ලන්ඩ ඕනෑ ගොනෙකුට පුළුවන් ලු ද?
ReplyDeleteI thought he is retired
ReplyDelete