ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින 'අඩා' නමැති පාතාල කල්ලි නායකයාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන තිදෙනෙකු හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස කොටු වූ පිරිස අතර රජයේ පාසලක වෘත්තියෙන් ක්‍රීඩා ගුරුවරයකු ලෙස කටයුතු කරන්නෙකු සහ යුද හමුදාවෙන් පලා ආ සෙබළකු ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය.
දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේදී සුදු පැහැති මෝටර් රථයකින් හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 130ක් ප්‍රවාහනය කරමින් සිටියදී මොහු අත්අඩංගුවට පත්විය. 31 හැවිරිදි මොහු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පඬුවස්නුවර ප්‍රසිද්ධ පාසලක සේවය කරන්නෙකි. ඔහු ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
කටුකෙන්ද ප්‍රදේශයේදීම සිදුකළ තවත් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 200ක් සමඟ 37 හැවිරිදි හිටපු සෙබළකු අත්අඩංගුවට ගැනුණි. නිකවැරටිය, මහව ප්‍රදේශයේ පදිංචි මොහු කුලියාපිටිය අවට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි අයෙකු බව හෙළි වී තිබේ.
මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ මෙම තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ජාවාරම්කරුවන් පිරිස මෙහෙයවනු ලබන්නේ ඩුබායි වෙත පලාගොස් සිටින ආර්. ඒ. සමන් කුමාර හෙවත් 'අඩා' සහ ඔහුගේ බිරිඳ විසින් බවයි. දංකොටුව පදිංචිකරුවකු වන 'අඩා' නමැත්තා විදේශගතව සිට දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයන් මෙහෙයවන ප්‍රධානියෙකු ලෙස හඳුනාගෙන තිබේ.

https://m.youtube.com/watch?v=ZLGBO0WBwGY
ReplyDelete