මෙරට බලශක්ති ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති ගල්අඟුරු සම්බන්ධයෙන් නවතම අනාවරණයක් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබේ.
ඔහුගේ සමාජ මාධ්‍ය නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, අදාළ සිදුවීමට වගකිව යුතු අමාත්‍යාංශයක ලේකම්වරයෙකුට වහාම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් එකී ලේකම්වරයා කිහිප දෙනෙකු මුණගැසී ප්‍රශ්ණය ගොඩින් බේරා දෙන ලෙස ඉල්ලා අතැයිද හෙතෙම කීය.
පසුගිය වසර කිහිපය පුරා මෙරට ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය විවිධ චෝදනා සහ අර්බුදයන්ට මැදි විය.
විනිවිදභාවයකින් තොරව ටෙන්ඩර් පිරිනැමීම සහ ඉහළ මිල ගණන් යටතේ ගල්අඟුරු ඇණවුම් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවා ප්‍රශ්න කර තිබුණි.
ආනයනය කරන ලද ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය ප්‍රමිතියෙන් තොර බවට තාක්ෂණික වාර්තා මගින් අනාවරණය විය.

ගල් අගුරු කාල බලන්නෙ නැ, ටෙන්ඩර් එක හරියටම කරල අඩුම මිලට ගල් අගුරු ගෙනාවා. ඒ ක්‍රියාවලියෙ කිසිම අවුලක් නැ. මේ කියපු ප්‍රකාශ සියල්ලම වගකීම රජය සහ අදාල පාර්ශවයන් ගත යුතුයි. සරලවම හොරා හොරා කියල කියල තාම කලින් රජයන් කරපු එව්වායෙ හොරකම් අල්ලල නැ. අඩුම තරමෙ සාක්ශි පිට ඔප්පු වෙලා තියෙන මනුස්සයාටවත් නීතියක් ක්‍රියාත්මක නොකර, මීල කලින් ආනයනය වලදි උනු ව0චාවල් හොයනවාලු. අහු උනු කෙනාට නීතිය ක්‍රියාත්මක කරල ආමත්‍ය දූරවලින් තාවකාලිකව අයින් කරල, ( හිරෙට ඩාල හරි කමක් නැ - සාමන්යෙන් මෙයාල එහෙමනෙ කරන්නෙ ) උනු පාඩුව අය කරගැනිමට යම් ක්‍රියාමර්ගයක් ගත්තානම් කියවනවාට වඩා වටිනවා. මහජනතාව විදියට අපේ බලාපොරොත්තුව ව0චාවෙන් තොර පාලනයක්.
ReplyDeleteමුන් ද නීතිය හරියට කරන්නේ. පහුගිය ආණ්ඩුවේ එවුන් නම් melahakatath හිරේ දාලා. Passe තමයි පරීක්ෂණ කරන්නේ.
ReplyDelete