හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී නාවික නීති උල්ලංඝනය කළ බව පවසමින් නෞකා දෙකක් සිය භාරයට ගෙන ඉරාන මුහුදු සීමාව වෙත රැගෙන ආ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව බදාදා නිවේදනය කළේය.
මෙලෙස ඉරාන භාරයට ගෙන ඇත්තේ 'MSC-Francesca' සහ 'Epaminodes' යන නෞකා දෙකයි. මෙයින් 'MSC-Francesca' නෞකාව ඉස්රායල පාලනයට සම්බන්ධ එකක් බව ඉරාන ආරක්ෂක බලකාය පවසයි.
අදාළ නෞකා බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වීම, නාවික පද්ධති සාවද්‍ය ලෙස වෙනස් කිරීම (Tampering) සහ රහසිගතව සමුද්‍ර සන්ධියෙන් පිටවීමට උත්සාහ කරමින් සමුද්‍රීය ආරක්ෂාව අනතුරේ හෙළීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
"අපගේ බුද්ධි අංශ මගින් මෙම නෞකා හඳුනාගත් අතර, ඉරාන ජාතියේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඒවා නතර කිරීමට පියවර ගත්තා," යැයි විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
දැනට ඉරාන මුහුදු සීමාවට රැගෙන ගොස් ඇති මෙම නෞකාවල පවතින භාණ්ඩ සහ ලේඛන පරීක්ෂා කිරීමට නියමිතය. හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි උපායමාර්ගික මුහුදු මාර්ගයක ආරක්ෂාවට බාධා කරන හෝ ඉරානය පනවා ඇති නීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඉරාන නාවික හමුදාව යළිත් අවධාරණය කර සිටියි.
ඇමරිකානු නාවික හමුදාව ඉරාන තෙල් නැව් පරීක්ෂා කිරීමට එරෙහිව ඉරානය මෙලෙස සිය ප්‍රතිචාර දක්වමින් සිටින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඕන්නම් වැඩිම වුණොත් ඊශ්‍රායලේට ගෙනියන ප්ලාස්ටික් බඩු කන්ටේනර් එකක් තියෙන්ඩ ඇති, චීනෙන් පටවපු. එහෙම නැත්නම් ඉතින් ඊශ්‍රායල් කාරයෝ හිතලාම ඕක අල්ලවන්ඩ ඇති, ඔත්තු බලන උපකරණයක් එක්ක.
ReplyDeleteඒ කියන්නේ ඔයා අර අපකීර්තිමත් මොසාඩ් එකේද?
Deleteඅප, කීර්තිමත් මොසාඩ් සමඟ එක් වීමට ඕනෑම මොහොතක කැමැත්තෙන් සිටින, සිංහල බෞද්ධ.
Delete