පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහි නඩුව කුරුණෑගල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු සහ ඔහුගේ පියා විසින් ගොනු කරනු ලැබ තිබිණි.
එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල කර තිබුණේ, ඉංග්‍රීසි විෂයට දුර්වල බව පවසමින් ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරිය නිරන්තරයෙන් එම ශිෂ්‍යයා හිංසනයට ලක් කළ බව ය.
එහි ප්‍රතිඵලයක් ලෙස එම ශිෂ්‍යයා පාසල් යාමට අකැමැත්ත පළ කළ බව ද එහි දැක්විණි.
මෙම නඩු විභාගය අවසානයේදී අදාළ සිසුවාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි අධිකරණය තීන්දු කළේ ය.
නඩු තීන්දුවේ 17 වන ඡේදයේ සඳහන් වන්නේ කුමක් ද?
ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය පහත පරිදි වේ.
(එහි සිංහල දළ අර්ථය මෙසේ ය.)
'මේ සම්බන්ධයෙන්, දඬුවම් කිරීමේ මාධ්‍යයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා කිසිදු දරුවෙකුට ශාරීරික හෝ මානසික හානියක් සිදු නොකළ යුතු බව පැහැදිලිව සඳහන් කරමින්, සියලු ම පාසල්වල සියලු ම ගුරුවරුන් සහ පරිපාලකයින් වෙත නව චක්‍රලේඛයක් නිකුත් කිරීමේ අවශ්‍යතාව අධිකරණය නිරීක්ෂණය කරයි. ඕනෑ ම ආකාරයක ශාරීරික දඬුවමකට කිසිදු ලෙසකින් ඉඩක් නොමැති බවත්, අපරාධකරුවන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කරන බවත් චක්‍රලේඛයේ සඳහන් විය යුතු ය.'
'ඒ අනුව, පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරන' බව නව චක්‍රලේඛයේ දැක්වේ.
මේ අතර, 'සිසුන් සමග කටයුතු කිරීමේදී සිසුන්ගේ ධනාත්මක හැසිරීම් උදෙසා මැදිහත් වීම සහ සහය ලබා දීම ආදී ක්‍රම අනුගමනය කළ යුතු' බව ද එහි සඳහන් වේ.
මෙම චක්‍රලේඛය 12/2016 දරන චක්‍රලේඛය සමග සම්බන්ධ වේ.
අලුතින් චක්‍රලේඛයක් නිකුත් කළේ ඇයි?
ශාරීරික සහ මානසික දඬුවම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලපෑ හේතුව කුමක් ද යන්න පිළිබඳව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පැහැදිලි කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, මෙම චක්‍රලේඛය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නිකුත් කළ බව ය.
"මේ චක්‍රලේඛය නිකුත් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ නියෝගයකට අනුව. ඒ නියෝගය සඳහන් කිරීමට තමයි චක්‍රලේඛය නිකුත් කළේ. නඩුව අවසන් වෙලා මාස 9ක කාලයක් දුන්න අපට ඒ චක්‍රලේඛය නිකුත් කරන්න. ඒ කාලය තුළ අධිකරණයේ නියෝගය අපි ක්‍රියාත්මක කළා."
'දඬුවම් කරන්න එපා කියල චක්‍රලේඛ නිකුත් කිරීම විතරක් ඵලක් නැහැ' - ජෝසෆ් ස්ටාලින්
පාසල් සිසු සිසුවියන්ට ශාරීරික දඬුවම් කිරීමට එරෙහිව මීට පෙර ද, චක්‍රලේඛ නිකුත් කර ඇති බවත්, විනය ක්‍රියාමාර්ග ගැනීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ගුරුවරුන් දැනුවත් කර නොමැති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඔහු පැවසුවේ, සිසුන් පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමේදී අනුගමනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විධිමත් නිර්දේශයන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ යුතු බව ය.
මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධිත) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා 2025 වසරේ සැප්තැම්බර් 24 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
එය මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ, 2025 අගෝස්තු 19 වන දා ය.
එහිදී, කෙටුම්පතේ අඩංගු ඇතැම් කරුණු සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, පසුව එය අත්හිටුවීමට සිදු විය.
'ගුරුවරුන්ට මාර්ගෝපදේශයක් සකස් කිරීමේ සාකච්ඡා වෙන ම සිදු වෙනවා' - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
මේ අතර, ශාරීරික සහ මානසික දඬුවම් වෙනුවට අනුගමනය කළ යුතු විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
"ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රම වෙනුවට රිවෝඩ්ස් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. එතනදි යහපත් ක්‍රියාවන් අගැයීමේ ක්‍රියාවලියක් ඇති කරන්න සාකච්ඡා කරනවා. ඒක අඛණ්ඩව ඉදිරියට යනවා."
- BBC

විනය කමිටුවක් දැම්මා වැරැද්දක් කරලා තියෙනවා නම් දෙමව්පියොත් එක්ක කැඳෙව්වා විභාග කරා වැරැද්ද තහවුරු නම් පන්ති තහනම් කරා එහෙම නැත්තං ඉස්කෝලෙන් අයින් කරා.මොකද විනීත දරුවො කියල ජාතියක් ඉස්සරත් නෑ අදත් නෑ.ගුරුවරුන්ට ගහල බැනල හදන්න ගිහින් උසාවි ගානේ ලගින්න ඕනෙත් නෑ.හැදෙන එකා හැදෙයි නැති එකා නැතිවෙයි.
ReplyDeleteලංකාවේ ළමයින් එහෙම හදන්න බෑ. කොළබ ගොඩක් පාසැල් වලට එන ළමයි එන්නේ වතු වල ඉදලා. මාළීගාවත්ත, වනාත, කොලොන්නවා වගේ පැතිවලින්. උන්ගේ ගෙදර ඉදලා සවුත්තුයි. ඉන්න පැතිවල කුඩු කාරයෝ, ගණිකාවෝ ඉන්නවා. එහෙම පරිසරයක හැදෙන ළමයි මල් වගේ ඉන්නේ නෑ. උන්ට දෙකක් දෙන්නේ නැතුව හදන්නත් බෑ. ඉස්සර අපි ඉස්කෝලේ ගිය කාලේ මුන් මුළු පාසැලම කනවා. සර්ලා මුන්ට හැමදාම ගහලා, බැනලා තියාගෙන ඉන්න නිසයි උනුත් හැදිලා, අනෙක් ළමයිනුත් බේරිලා හිටියේ. දැන් ගහන්න බැරි උනොත් වෙන්නේ, මුන් අනෙක් ළමයින්ට වද දෙන්න ගන්න එකයි, ඊට පස්සේ එකම විසදුම පාසලෙන් එලවලා දාන එකයි. ඉස්කෝලේ යන්න බැරි උනාම, මුන් අපරාධවලට එකතු වෙලා ලංකාවත් කන්න ගනියි ඉස්සරහට. සුද්දගේ නීති කොපි පේස්ට් කරලා ගන්න ගියාම ලොකු අමාරුවකට පත්වෙන්න වෙන්නේ.
ReplyDelete