පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙත ජලය සපයන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මේ හේතුවෙන් එම පිරිපහදු මධ්‍යස්ථාන දෙකෙහිම මෙහෙයුම් කටයුතු සීමිත ධාරිතාවයකින් ක්‍රියාත්මක වන අතර, පවතින ජල හිඟය කළමනාකරණය කිරීම සඳහා ප්‍රදේශ කිහිපයකට කාලසටහනකට අනුව ජල සැපයුම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව, ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ සහ වේලාවන් පහත පරිදි වේ.
07 රාත්‍රී 8:00 සිට 08 පෙවරු 8:00 දක්වා:
පැළැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බොකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම - පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දෝලේකඩේ හන්දිය, කුඩමාදුව (255 බස් මාර්ගයේ වෙල දක්වා) සහ පුබුදු මාවත (255 බස් මාර්ගයේ වෙල දක්වා).
08 පෙවරු 8:00 සිට රාත්‍රී 8:00 දක්වා:
ගලගෙදර, ඉරිදා පොළ ප්‍රදේශය, පින්නවල, වේවැල්පනාව, පයිකුම්පේ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මාලගල, කහවල, මිල්ලාව, කොටිගම්ගොඩ, පෝරේගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරිගල්ල සහ යටවතුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත්, මෙම තාවකාලික ජල කප්පාදුව හේතුවෙන් සිදුවන අපහසුතාවයන් පිළිබඳව සහයෝගය දක්වන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මුහුදු වතුරෙ න් සල්ෆියුරික් අම්ලය හදන එක ටික කලකට නවත්වලා මුහුදු වතුරෙ ලුණු අයින් කරලා බොන්න වතුර ටික හදා ගත්තා නම් හොඳයි නේද.........
ReplyDeleteමුහුදු වතුරෙ න් සල්ෆියුරික් අම්ලය හදන එක ටික කලකට නවත්වලා මුහුදු වතුරෙ ලුණු අයින් කරලා බොන්න වතුර ටික හදා ගත්තා නම් හොඳයි නේද.........
ReplyDelete