කොළඹ, ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් රැසක අස්ථි ශල්‍යකර්ම ඇතුළු විශේෂිත ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ සහ බද්ධ කරන ආදේශක (Implants) වල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ, රෝහල් තුළ මෙම උපකරණ නොමැති වීම හේතුවෙන් රෝගීන්ට ඒවා බාහිර වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සිදුව ඇති බවයි. ඇතැම් උපකරණවල මිල රුපියල් ලක්ෂය ඉක්මවන බැවින්, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී රෝගීන් මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිති.
මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා මෙසේද පැවසීය:
"බොහෝ රෝගීන්ට මෙම මිල අධික උපකරණ මිලදී ගැනීම සඳහා ජනාධිපති අරමුදලෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සුභසාධක අරමුදල්වලින් නිසි පරිදි ප්‍රතිපූරණයන් (Reimbursements) සිදු නොවේ. මේ නිසා ශල්‍යකර්ම ප්‍රමාද වීම හෝ මූල්‍යමය ගැටලු නිසා රෝගීන් අසරණ වීම බහුලව දක්නට ලැබෙනවා."
කොළඹ ජාතික රෝහල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර සහ කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මෙම ගැටලුව උග්‍ර වී පවතින බවත්, රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී මේ සඳහා කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

Make to power your boss SP
ReplyDeleteතව පෝය දෙකෙන් සියල්ල අමතකයි. නැවත මාලිමාවට 90%
ReplyDelete