ගල් අඟුරු ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී යම් වරදක් හෝ අක්‍රමිකතාවයක් සිදුකර ඇති නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා දඬුවම් දීමට රජය කිසිසේත් පසුබට නොවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.
ස්වර්ණවාහිනී නාලිකාවේ 'රතු ඉර' වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු කියා සිටියේ මෙම ගනුදෙනුව සඳහා දේශපාලන අධිකාරියේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවූ බවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තාක්ෂණික ඇගයීම් කමිටු සහ අදාළ මාර්ගෝපදේශ අනුව සිදු විය යුත්තක් බවත්ය.
මෙහිදී 2025 අගෝස්තු මස 18 වන දින වන විටත් ලියාපදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගැනීමට අපොහොසත් වූ සමාගම් වෙත ලංසු ලේඛන යවා ඇති බවට නැගුණු නිරීක්ෂණ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
යම් හෙයකින් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙවැනි ගැටලුවක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.
"යම් නිලධාරීන් හෝ කවුරුන් හෝ මෙතැන මැදිහත් වෙලා ගැටලුවක් වෙලා තියෙනවා නම්, ඒ සඳහා පරීක්ෂණ කරලා අදාළ අයට දඬුවම් දීමට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු ආකාරයක පසුබට වෙන්නේ නැහැ" යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේම, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රජයට යම් පාඩුවක් සිදුව ඇත්නම්, පවතින නීති රීති රාමුව තුළ එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික විය

තමුන් ඔතනින්තමයි බඩගාගෙනෙ ගෙදර යන්න වෙන්නෙ. නිලදාරීන් නිකන් ඉදීවි. හොරා
ReplyDeleteනිලධාරීන්ට ඕනෑ විදියට නම් වැඩ කෙරෙන්නේ මේ පාපිසි ආණ්ඩුව මොකටද යකෝ. උඹල අසමත්. යමල්ල ගෙදර..
ReplyDeleteවිජය රජ තුමාට කුවේණී සහ ළමයි දෙදෙනා අතහැරීම පිළිබඳව වහාම සොයා නඩත්තු නඩුවක් ගොනුකිරීමට ඇති ශක්‍යතාවය ගැන සොයා බැලීමට වහාම ජනාධිපති කොමිසමක් පත් කෙරෙනු ඇත.
ReplyDeleteකුමාර ජයකොඩි වහාම අගමැති කරමු!
අපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
ඔත්තෙ දිනවල කඩදාසි වලින් පුක පිහදාමු.
Deleteමුං 88-89 දී නඩු නොඅසා දඩුවම් දීපු මිනීමරුවො. දැන් නිලධාරීන්ට දඩුවම් කරනවා කියන්නේ වැරැද්දක කරලා තියෙවා කියන එක. ඒ වැරැද්දේ කොමිස් ගියේ නිලධාරීන්ට ද?
ReplyDelete