ජනාධිපති වටේ ජාවාරම්කාර ජාලයක්.. රටේ ආර්ථිකය හසුරැවන්නේ ඔවුන්...

 


වත්මන් ජනාධිපතිවරයා වටා රොක් වී සිටින ජාවාරම්කාර ව්‍යාපාරික ජාලයක් විසින් රටේ ආර්ථිකය හසුරවමින් සිටින බවට හිටපු අමාත්‍ය සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා බරපතල චෝදනාවක් එල්ල කරයි. 

මෙම තත්ත්වය 'කුවේර තන්ත්‍රය' ලෙස ඔහු හඳුන්වන අතර, මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම අමතක කර ඉතා පටු පිරිසක් පමණක් ජනාධිපති කාර්යාලය හරහා රටේ ආර්ථික තීන්දු තීරණ මෙහෙයවන බව ඒ මහතා පෙන්වා දෙයි.

යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් රණවක මහතා සඳහන් කළේ, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන කටයුතු වලදී තෝරාගත් පිරිසකට වාසි වන අයුරින් ටෙන්ඩර් කොන්දේසි පවා වෙනස් කරමින් දැවැන්ත වංචාවක් සිදුවෙමින් පවතින බවයි.

ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කළ හිටපු අමාත්‍යවරයා, විධිමත් ප්‍රසම්පාදන සැලසුම් ප්‍රතික්ෂේප කරමින් රජය විසින් රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළා ඇති බව ප්‍රකාශ කළේය. 

"පාන් ගන්නවා වගේ ගල් අඟුරු ගන්න බැහැ" යනුවෙන් ආණ්ඩුවේ පාර්ශව පවසන කතා අසත්‍ය බවත්, 2015 වසරේදී තමන් විසින් හඳුන්වා දුන් හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේද (Spot Tender) පවා වර්තමානයේදී විකෘති කර ඇති බවත් ඔහු පැවසීය.

බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරවලින් ජනනය වන විදුලිය අඩුවීම පියවා ගැනීමට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ හයකට (676,000) අධික ප්‍රමාණයක් අමතරව වැය කිරීමට සිදුව ඇති බවත්, ඒ හරහා සිදුවන මූල්‍ය පාඩුව ජනතාව මත පටවා ඇති බවත් ඔහු ගණන් හිලව් සහිතව පෙන්වා දුන්නේය.

2022 වසරේ ඇති වූ මහජන නැගිටීම කළමනාකරණය කර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වෙනසක් ඇති කිරීමට ගත් උත්සාහය ප්‍රමාණවත් නොවූ බව රණවක මහතා පිළිගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ආවද, වත්මන් පාලනය තුළ කාඩර්වරුන් පත් කිරීම මිස රටට අවශ්‍ය වෘත්තීයවේදීන්ට හෝ අත්දැකීම් සහිත පිරිස්වලට ඉඩක් නොමැති බව ඔහු චෝදනා කරයි.

දූෂණයට සම්බන්ධ නොවූ, අත්දැකීම් සහිත පිරිස් සහ තරුණ පරම්පරාව ඒකාබද්ධ කරගනිමින් නව දේශපාලන වේදිකාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය.

12 Comments

  1. හැම රටේම තත්වය එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි. ඒක නිසා මාලිමාව විතරක් වෙනස් වෙන්නෙ නැහැනේ.
      76 වසරක සාපෙ නිසා උන්ට ඒ චාන්ස් එක නැති උනා. දැන් උන්ටත් චෑන්ස් එක හම්බෙලා තියෙන්නෙ. උනුත් හැදෙන්න එපැයි. මිනිසා හදා රට හදමු කියන්නේ කට කහනවටයැ. ඉස්සෙල්ලම ලොක්කො හැදිල ඉන්න ඕන.

      Delete
  2. මොනව කිව්වත් ආන්ඩුව හැබැයි මහ බැංකු වංචාවට වඩා ලොකු වැඩ කරනවා. මහ බැංකු වංචාව කෝටි 2000යි, ගල් අඟුරු වංචාව කෝටි 8000යි.
    මොනව උනත් රනිල්ටත් තිබුනා ජෙප්පොන්ගෙන් වංචා කරන හැටි ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. thawama bathda kanne.. as deka arala balapan ..rate wena honda dewal ganath. thopi eka.. eka horunta kade gihilla.. unge wada diha balanawa wage.. mun dihath balanna epa.

      Delete
    2. අපි නම් බත් කන්නෙ. ඒත් උඹ..? රටේ වෙච්ච එක හොඳ දෙයක් කියපන් බලන්න. පොඩි උන්ගේ පොත් වලට වැල දාපු එක? රණවිරුවා සොල්දාදුවා වෙච්ච එක? කන්ටේනර් 323ක් පන්නපු එක? නීතිය බල්ලට දාලා විපක්ශෙ උන්ව දඩයම් කර කර හොරු අල්ලනව කියලා මිනිස්සු අන්දගෙන විපක්ශෙ මර්ධනය කරන එක? අනේ පලෑන් ඩෝ යන්න.

      Delete
  3. පාඨලී, ඔයා අගරදගුරු තුමා ඇතුලු පූජකයන්ට ජාවාරම්කාරයො කියන එකට අපි එක හෙලා විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. කොහොමද අගරදගුරු සම්බන්දයි කියන්නේ?

      Delete
    2. ඇයි උඹ හිතනවද ගෑස් ටෙන්ඩර් එක ස්විස්ටර්ලන්ත සමාගමකට ගියේ අහම්බෙන් කියලා?
      කොටි ඩයස්පෝරාවයි, පල්ලියයි, ජවිපෙයි කියන්නේ එකම කන්ඩායමක් මහත්තයෝ.

      Delete
  4. මුන්ගේ අරමුණ වෙනමම එකක්. සමහර විට ඉරාකය,ඉරානය. ලිබියාවේ වගේ වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  5. අනුරයා කියන පරයම ජාවාරම්කාරයෙක්නේ බන් ,... ඌ එකතු කරගන්නේ ඌට ගැලපෙන උන් මිසක් වෙන කවුද .. අනුරයාගේ මූණ බලපන්කො පට හොරෙක්ගෙ මූනක්නේ තියෙන්නේ .. ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්න ලයිෆ් එකක්නේ ...දැන් උඹත් ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද ? ලෙජිටිමේට් කොමිෂන් ද එකට කියන්නේ ? උඹලා ඔක්කොම පට්ට ඇරියස් කාරයෝ පුතා ... උඹට බලේ දුන්නත් ඔච්චර තමයි

    ReplyDelete
    Replies
    1. ඌ බලේ හිටියා. ඉන්න කාලේ කරපු දේවල් වලින් තමයි මේ ආන්ඩුව මෙහෙම වත් ලයිට් දෙන්නෙ. නැත්තන් ඉතින් සොරිම තමයි. විදුලිබල මන්ඩලේ ඉතිහාසේ පලවෙනි වතාවට ලාභ ලැබුවා. සූර්ය පද්ධති රටට හඳුන්වා දුන්න.

      Delete
  6. Anunge geniyek ekka budiyana koti demalunta rata pawadena jawaram kara hambayo ekka marisi deel daana ekagen ratak gena hithanna behe kiyala notherunu awajathakayin unta chande deela den baila kelinawa.

    ReplyDelete
Previous Post Next Post