ඩිජිටල් හැඳුනුම්පත බ්ලැක් ලිස්ට් සමාගමකට.. ටෙන්ඩර් කැදවීමත්, ලංසු ගැනීමත් ඉන්දියාවෙන්..

 


නිර්මාණි තිලකසිරි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ අසාදු ලේඛනගත වූ ඉන්දීය සමාගමක් වෙත ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබාදීමේ උත්සාහයක් ඇතැයි ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ පවසයි.

ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොමැති වුවද ඩිජිටල්කරණයට මුවාවී මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබාදීමට දැඩි විරෝදය පළ කරන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

“ඩිජිටල් හැඳුනුම්පතක් සම්බන්ධයෙන් අපිට විරෝධයක් නෑ. නමුත් ඩිජිටල්කරණයට මුවා වෙලා ඔබේ කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වගේ අතිශයෙන්ම සංවේදී ජෛවමිතක දත්ත එකතු කරලා ඒක ඉන්දියානු සමාගමකට ලබාදීම සම්බන්ධව තමයි අපි මේ බරපතළ විවේචනය පහුගිය කාලෙම ගෙනාවේ. ඉන්දියානු සංචාරය ජනාධිපතිතුමා කරලා ඉවර වෙලා ඉන්දියාවෙන් ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත හදන්න සමාගමක් තෝරගන්න ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා. 

මේක කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසයේදී, ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් එක අවසන් කරනවා. නොවැම්බර් මාසයේදී ටෙන්ඩරය පිරිනමනවා. ඒ එකඟතාව මත ටෙන්ඩර් විවෘත කිරීමක් කරා ඉන්දියාවේ ආයතන පහක් ටෙන්ඩරය යොමු කරනවා. මාර්තු මාසයේ 13 ප්‍රසිද්ධියට පත්කරන ලේඛනයේ තියෙනවා සමාගම් හයක්. හයවැනි සමාගම මේ ටෙන්ඩරය අතරතුර කල් ඇදලා ඇතුළට ඔබාගත්ත සමාගමයි මේක තමයි ගෝඨභය රාජපක්ෂ ඩිජිටල් හැඳුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ඒකෙන් අසාදුගත වූ සමාගම.

දැන් මේ සාමාගමට ටෙන්ඩර් එක දෙන්න යනවා. කවුද මේක දෙන්නේ ඉන්දියාවට. ටෙන්ඩර් එක කැඳවන්නේ ඉන්දියාව, ලන්සු ඇගයීම කරන්නේ ඉන්දියාව, සැපයුම්කරු මෘදුකාංග හදන්නේ ඉන්දියාව. ආණ්ඩුව කියනවා අපිට ඉන්දියාවෙන් රුපියල් බිලියන දාහක් දෙන නිසා තමයි ඉන්දියාවට මේක පිරිනමන්නේ කියලා. එරංග වීරරත්නලා කලින් ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධව විවේචන ගේද්දි කීවේ කිසි ප්‍රශ්නයක් නෑ ලංකාවේ සිස්ටම් මාර ආරක්ෂිත නිසා කිසිම කෙනෙකුට හොරකම් කරන්න බෑ කියලා. එහෙම කියපු එරංග වීරරත්නම අපි දැක්කා ඊයේ පෙරේදා කෙඳිරි ගාල කියනවා එහෙම තමයි සිස්ටම්වල හැකර්ස්ලා එන්න පුළුවන්, තොරතුරු ගන්න පුළුවන්, තොරතුරු පිට යන්න පුළුවන් කියලා.’’

Aruna

8 Comments


  1. කවුද මේක දෙන්නේ ඉන්දියාවට. ටෙන්ඩර් එක කැඳවන්නේ ඉන්දියාව, ලන්සු ඇගයීම කරන්නේ ඉන්දියාව, සැපයුම්කරු මෘදුකාංග හදන්නේ ඉන්දියාව

    එහෙම කලේ නැත්නම්නේ NEWS එකක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාර ගොනෙකි

      Delete
    2. කොන්ටේනර් 325 හොරෙන් පැන්නුවේ නැත්නම් නිව්ස් එකක් වෙන්නෙ නෑ නේ

      Delete
    3. Server eka ape

      Delete
  2. ඩොලර් වලට පෙරේත වෙලා ගොටාබය එලවපු තොපි ඩොලර් පෙරේතයන්ට දැන්ද ගෝටාබය අසාදුගත කොලා කියලා කියන්නේ.

    ReplyDelete
  3. Wimals LankaCnews publish misleading fake news 😂

    Atta 1 y boru 5y kalawan karala news danne

    ReplyDelete
  4. අනුර කුමාර කියලා දාමු

    ReplyDelete
  5. ජනතා විු්ති පෙරමුන ප්‍රාණ අැපයට ගෙන අැති මාලිමා හොර හැකරැන්ගේ අවධානයට,.!April 29, 2026 at 10:44 AM

    සැබෑ ජෙප්පන් පලවාහැර ජනතා විමුක්ති පෙරමුනට සූකෂම හැකර් ප්‍රහාර ඵල්ලකල බටහිරගැති ඉන්දීය ගැති පරගැති, නයට පිනට කන වහල් වසල අගුරැකුමාරගේ හැකර් අාන්ඩුව හොරකම් කිරීමට පාවාදීමට කිසිම විටක නොපැකිලෙනා බවට සක්සුදක් සේ පැහැදිලි වූ කරැනු කාරනා තිබියදී ජනතා විමුක්ති පෙරමුනේ ලේබලය යටතේ පාවාදීමට හොරකම් කිරීමට තව දුරටත් ඉඩ ප්‍රස්ථා නොමැති බව ජනතා විු්ති පෙරමුන ප්‍රාණ අැපයට ගෙන අැති මාලිමා හොර හැකරැන්ගේ අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post