දිට්වා කුණාටුවෙන් ලොකු වාසියකුත් වෙයි..


 'දිට්වා' සුළි කුණාටුවෙන් මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වුවද, එමඟින් ජනනය වූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙරට ප්‍රධාන ජලාශ සියල්ල වාර්තාගත මට්ටමකට පිරී ගොස් ඇති බව ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්ටාසා ජෙෆර්ජි මහතා ප්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් පවතින නියඟය හමුවේ වුවද, මෙවර ජල විදුලි නිෂ්පාදනය බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට හැකි වී ඇත්තේ මෙම ස්වභාවික තත්ත්වය නිසා බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මහවැලි අධිකාරිය සහ ඇඩ්වොකාටා ආයතනය එක්ව 2026 මාර්තු මස 26 වන දිනට ලබාගත් දත්ත මඟින් ද මෙම තත්ත්වය තහවුරු වේ.

එම දත්තවලට අනුව රන්දෙණිගල, වික්ටෝරියා, සමනලවැව, මොරගහකන්ද සහ මාවුස්සාකැලේ යන ජලාශවල සැලකිය යුතු ජල මට්ටමක් තවමත් පවතී. සෙසු ජලාශවලට සාපේක්ෂව කොත්මලේ ජලාශයේ පමණක් ජල මට්ටම යම් පහළ අගයක් ගනී. පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ වර්ෂාව හේතුවෙන්, ඉදිරි වියළි කාලගුණය හමුවේ වුවද ජල විදුලිය නිෂ්පාදනයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් ජලාශවල ඉතිරිව ඇත.

මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කින් සිරි වැලිගෙපොල මහතා සඳහන් කර ඇත්තේ, ලබන මැයි මස මැද භාගය වන තෙක් කෘෂිකාර්මික කටයුතු සහ විදුලි උත්පාදනය වෙනුවෙන් බාධාවකින් තොරව ජලය නිකුත් කිරීමට හැකියාව පවතින බවයි.

1 Comments

  1. Then what kind of fraud this useless so-called government play hiking electricity bills putting common people more destitute? Send this useless government home. Only talk , lies & incompetency.

    ReplyDelete
Previous Post Next Post