මෙරට පවතින ඉන්ධන හිඟයට හේතුව ඉරාන යුද්ධය නොව, බාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදු වූ පාඩුව වසා ගැනීමට අධික ලෙස තෙල් භාවිතා කිරීම බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජනාධිපතිවරයා ඇතුළු රජය තමන්ගේ වැරදි පිළිගැනීමට සූදානම් නැති පිරිසක් බවත්, ඔවුන් ප්‍රබන්ධ කතා පවසමින් ජනතාව නොමඟ යවන බවත් හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.
අප්‍රේල් 04 වනදා මෙරට නිල වශයෙන් විදුලි කප්පාදුවක් සිදු වූ බවත්, එයට හේතුව ඉන්ධන හිඟය බව බලධාරීන් පැවසුවද, එහි සැබෑ මුල බාල ගල් අඟුරු නිසා ඇති වූ විදුලි උත්පාදන ගැටලුව බව රණවක මහතා පෙන්වා දෙයි.
ඔහු පවසන පරිදි, බාල ගල් අඟුරු නිසා ඇති වූ විදුලි හිඟය පියවා ගැනීමට අධික ලෙස ඩීසල් සහ දැවිතෙල් භාවිතා කිරීමට සිදු වීමෙන් රටේ ඉන්ධන සුරක්ෂිතතාව බරපතල ලෙස පාවා දී ඇත.
මේ හේතුවෙන් ජනතාවට නැවතත් ඉන්ධන පෝලිම්වල සිටීමට සිදුව ඇති බවත්, අවුරුද්දෙන් පසුව එනු ඇතැයි අපේක්ෂා කළ විදුලි කප්පාදුව ගල් අඟුරු වංචාව නිසා කලින්ම පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම බලශක්ති අර්බුදයේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බව අවධාරණය කළ හිටපු අමාත්‍යවරයා, මහජන උපයෝගිතා කොමිසම හරහා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවන් දිය යුතු බව ද පැවසීය.
"තෙල් නැති වෙලා තියෙන්නේ ඉරාන යුද්ධය නිසා නෙවෙයි, ගල් අඟුරු වලින් වෙච්ච අඩුපාඩුව වහන්න අධික ලෙස තෙල් භාවිතා කිරීම නිසයි" යනුවෙන් ඔහු නැවතත් අවධාරණය කළේය.
මීට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා අවශ්‍ය යෝජනා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වී ඇති බව රණවක මහතා අනාවරණය කළේය.
සාමාන්‍යයෙන් මාස තුනෙන් තුනට ගාස්තු සංශෝධනය කළද, රජයේ අකාර්යක්ෂමතාවයේ බර ජනතාව මත පැටවීමට සූදානම් වන බවට ඔහු අනතුරු ඇඟවීය.
මෙරට විදුලි ක්ෂේත්‍රය තුළ සිදු වූ විශාලම වංචාව ලෙස මෙය හඳුන්වන රණවක මහතා, අනාගතයේදී මෙයට සම්බන්ධ වගකිවයුත්තන්ට දඬුවන් දීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සහ සාක්ෂි තමන් සතුව පවතින බව රජයට දැනුම් දෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය

මේගොල්ලො මේ කරන්නේ ඊළග ජන්දය එනකං කොහොම හරි අල්ලගන ඉන්න නැත්නම් මිනිස්සුන්ට අමතක වෙයි කියල බයට. එහෙම නැතුව රටට ආදරේකට නෙමෙයි. මොනව උනත් තව අවුරුදු හතරකින් තමයි ජන්දය තියෙන්නේ ඒ වෙනකොට ජනතාව තීන්දු කරයි කාටද ජන්දය දෙන්නේ කියලා. එතකං ඉවසගන ඉන්න.
ReplyDelete