එරාන් වික‍්‍රමරත්න ක‍්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ලෙස පත් කරයි.. සංගක්කාර, මහානාම, වෙතතමුනිත් කමිටුවේ..


 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන ව්‍යුහය තුළ ප්‍රබල වෙනසක් සනිටුහන් කරමින්, එහි පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරය සඳහා හිටපු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම විශේෂ පත්කිරීම සිදුවූයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙතෙක් කටයුතු කළ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු සමස්ත විධායක කමිටුව අද (29) දිනයේදී සිය ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟය. 

ඒ අනුව, ආයතනයේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීමේ වගකීම අමාත්‍යාංශය විසින් නව සභාපතිවරයා වෙත පවරා තිබේ.

අද පත් කර ඇති අතුරු කමිටුව මෙසේය.

  • සභාපති - එරාන් වික්‍රමරත්න
  • 02 රොෂාන් මහානාම
  • 03 කුමාර් සංගක්කාර්
  • 04 තුෂිර රදැල්ල
  • 05 සිදත් වෙත්තිමුණි
  • 06 අවන්ති කොළඹගේ
  • 07 ප්‍රකාශ් ෂාෆ්ටර්
  • 08 උපුල් කුමරප්පෙරුම
  • 09 ඩිනාල් පිලිප්ස්

එරාන් වික්‍රමරත්න මහතා අවසන් වරට පැවති මහ මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු නමුත් ඔහුට එම මැතිවරණයේදී පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට නොහැකි විය.

ඔහු මීට පෙර 2020 වසරේදී ද ඊට පෙරද කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටියේය.

මෙම පත්වීම කරන තෙක්ම වික‍්‍රමරත්න මහතා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයල සජබ කළමනාකරණ කමිටු සාමාජිකත්වය තනතුරු දරමින් සිටියේය.

කමිටුවේ සභාපති ධුරය භාර ගැනීමත් සමඟ, ඉරාන් වික්‍රමරත්න මහතා සමගි ජන බලවේගයේ (සජබ) පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ඉරාන් වික්‍රමරත්න මහතා මේ වන විට දරා ඇති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය, සජබ කළමනාකරණ කමිටු සාමාජිකත්වය තනතුරුවලින් ඉල්ලා අස්වන බව පක්ෂ නායකත්වයට නිල වශයෙන් දැනුම් දී ඇත.

නව රජයේ තනතුරක් භාර ගැනීමත් සමඟ ඇති වූ මෙම දේශපාලන තීරණය මත ඔහු පක්ෂයේ සියලු වගකීම්වලින් නිදහස් වීමට පියවර ගෙන තිබේ.



11 Comments

  1. ෂාෆ්ටර්

    Janshakathiyae ෂාෆ්ටර් maruwa ekata mokada une.

    sani rahaspareekshakata me dawas wala wada wadine

    ReplyDelete
    Replies
    1. ෂම්මි එළවන මුවාවෙන් පාදිලි එරාන් හා බෝන් එගේන් සංඝා,කාදිනල්ගේ දිනාල් ෆිලිප්ස්, ප්‍රකාශ්‍ ෂාෆ්ටර් ගෙනැල්ලා ක්‍රිකට් බෝඩ් එකේ බෝනෙගේන් බලය තවත් ප්‍රබල කරලා. මොන එහෙකටද විරුද්ධ පක්‍ෂයේ ඉන්න එරාන් ගත්තේ නැත්නම්? තවම ඈෂ්ලි සිල්වා එහෙමමයි අවුරුදු 18 ක් ඉඳගෙන ලොකු පුටුවේ කිසිම වැඩක් නැහැ ඒත් ඉතින් බෝන් එගේන් කල්ලියේ නේ.කබලෙන්හ ලිපට රටට.
      .

      Delete
  2. Dinal Phillips කාඩිනල් සරණෝ ගච්චාමි

    ReplyDelete
  3. BORNE AGAIN / BORNRE AGAIN

    ReplyDelete
  4. බෝන් අගේන් පාලක මණ්ඩලේ

    ReplyDelete
  5. Why don't they add these guys to playing 11. Otherwise nothing will change

    ReplyDelete
  6. Upul Kumarapperuma? What does he know about cricket administration? Was he not Sarah Jasmine’s lawyer?

    ReplyDelete
  7. තනිකරම බෝන් අගේන් මාෆියාව.
    මැච් පැරදිලා මිනිස්සු පාලක මණ්ඩලේ ඉස්සරහා උද්ඝෝෂන කරලා, පාලක මණ්ඩලේ හොදටම චොර උන වෙලාවකවත් ඉල්ලලා අස් නොවී ඇයි මේ කිසිම හාවක් හූවක් නැති වෙලාවක ඉල්ලා අස් වෙන්නෙ ??
    අනුරත් එක්ක ඩීල් එකකටනෙ මේ..
    මාලිමාව මහ බැංකු කොල්ලෙ නෝන්ඩියේ ඉඳං හත්පොලේ ගාගෙන ඉන්න වෙලාවෙ ඒ මාතා ටික යටගහන්න කරන ගේමක් මේක.
    ඊලඟ නිලවරණෙන් ආයෙ ශම්මි සභාපති !

    ReplyDelete
  8. තනිකරම බෝන් අගේන් මාෆියාව !!!

    මැච් පැරදිලා මිනිස්සු පාලක මණ්ඩලේ ඉස්සරහා උද්ඝෝෂන කරලා, පාලක මණ්ඩලේ හොදටම චොර උන වෙලාවකවත් ඉල්ලලා අස් නොවී ඇයි මේ කිසිම හාවක් හූවක් නැති වෙලාවක ඉල්ලා අස් වෙන්නෙ ??

    අනුරත් එක්ක ඩීල් එකකටනෙ මේ..
    මාලිමාව මහ බැංකු මංකොල්ලෙන් නෝන්ඩි වෙලා, හත්පොලේ ගාගෙන ඉන්න වෙලාවෙ ඒ මාතෘකා ටික යටගහන්න ගහන ගේමක් මේක.
    ඊලඟ නිලවරණෙන් ආයෙ ශම්මි සභාපති !

    ReplyDelete
  9. එරාන් ඉතා න්‍යායාත්මක පුද්ගලයෙක්. දේශපාලනයට සුදුසු නැහැ. ඔහු NDB හි ඉහළ නිලධාරියෙක්. මම හිතන්නේ නැහැ ඔහු යහපාලන රජයේ ඇමතිවරයෙක් ලෙස ජනතාවට කිසිවක් කළා කියලා.

    ReplyDelete
  10. මට තයන බය ක්‍රිකට් කෙසේ වෙතත් මහානාමයි වෙත්තමුනියි බෝර්න් එගේන් වෙයිද කියල, නැද්ද හා?

    ReplyDelete
Previous Post Next Post