නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ තේ වත්තක ඉඩමකට පිවිසෛන මාර්ගයක ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයෙන් වූ නෝටන්බ්‍රිජ් විහාරස්ථානයේ මායිම් බැම්ම වෙත පෙරලී නතර වී ඇත.
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් තමන් පානීය ජලය ලබා ගන්නා ජල නළයේ ජලය නොපැමිණෙන නිසා එම ජල මූලාශ්‍ර සවි කර ඇති ටැංකිය බැලීමට වෑන් රථයේ පිරිසක් ගමන් කර ඇති අතර, එම පිරිස ගමන් ගත් වාහනයයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.
අනතුරින් එම වැන් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව වටවල පොලිසියේ නිළධාරින් පැවසීය.
අනතුරින් වැන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, අනතුර පිලිබද වටවල පොලිසියේ නිළධාරින් වැඩි දුර පරික්ෂණ පවත්වයි.
