ඇවන්ගාඩ් සේනාධිපති කොල්ලන්ගේ යකඩ හීන හැබෑ කරයි.. BMW, Ducati අධිබල බයික් ගේන ව්‍යාපාරයක් අරඹයි..

 


ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා විසින් මෙරට තරුණ පරපුරේ යතුරුපැදි සිහිනය සැබෑ කරමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව සිරස රූපවාහිනියේ පැවැති 'ඔටෝවිෂන්' වැඩසටහනේදී අනාවරණය විය.

ජපානයේ නිෂ්පාදිත යතුරුපැදිවල මිල අධික වීම හේතුවෙන් බොහෝ තරුණයින්ට ඒවා මිලදී ගැනීමට නොහැකි වී ඇති පසුබිමක, යුරෝපීය ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ යතුරුපැදි ඉතා සහනදායී මිලකට මෙරටට හඳුන්වා දීමට ඔහු කටයුතු කර ඇත.

මෙම යතුරුපැදි සඳහා පවතින මූලික ගෙවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සේනාධිපති මහතා, රුපියල් 85,000ක මුදලක් ගෙවා යතුරුපැදියක් රැගෙන යාමට අවස්ථාව සලසා ඇති බවත්, තවද එය රුපියල් 25,000කින් අඩු කර සහන ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.

විශේෂයෙන්ම, මෙරට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් රුපියල් 3,000ක් වැනි සුළු මූලික ගෙවීමක් යටතේ යතුරුපැදියක් සිය නිවසට රැගෙන යාමේ සුවිශේෂී අවස්ථාවක් ලබා දීමට ඔහු තීරණය කර ඇත.

මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ වුවද අවුරුදු හතරක් යනතුරු අමතර කොටස්වල මිල නොවෙනස්ව තබා ගැනීමට ඔහු ලබා දී ඇති සහතිකයයි.

සියලුම යතුරුපැදි සඳහා වසර හතරක පූර්ණ වගකීමක් හිමිවන අතර, අමතර කොටස් හිඟයකින් තොරව ලබා දීම සඳහා දැනටමත් රුපියල් ලක්ෂ 1400ක පමණ අමතර කොටස් තොගයක් මෙරටට ගෙන්වා ඇති බවද ඔහු අනාවරණය කළේය.

තවද, විශේෂ කාර්ය බලකායේ (STF) රාජකාරි කටයුතු සඳහා රුපියල් මිලියන 430ක් පමණ වටිනා සුපිරි යතුරුපැදි 50ක් නොමිලේ ලබා දීමටද කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

මෙම පැකේජය යටතේ ඉදිරි වසර 15ක කාලයක් සඳහා එම යතුරුපැදිවල නඩත්තු කටයුතු සියල්ල ඇවන්ගාඩ් සමාගම විසින් නොමිලේ සිදු කරනු ලබයි.

BMW සහ Mercedes වැනි ලෝකයේ ප්‍රකට සමාගම් පවා චීනය සමඟ එක්ව සිය නිෂ්පාදන සිදු කරන බැවින්, චීනයෙන් ගෙන්වන මෙම යතුරුපැදිවල ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගත යුතු බවත්, ඒවා ජාත්‍යන්තර රේස් තරඟ පවා ජයග්‍රහණය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම යතුරුපැදි ව්‍යාපෘතිය ඉදිරියේදී නයිජීරියාව සහ අප්‍රිකානු රටවලටද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙය ලාභයම අරමුණු කරගත් ව්‍යාපාරයකට වඩා තාරුණ්‍යයේ හීන සැබෑ කරන මෙහෙවරක් බවත් නිශ්ශංඛ සේනාධිපති මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය

7 Comments

  1. මෙතුමාට විරුද්ධව පහුගිය කාලයේ ජෙප්පෝ විවිධ චෝදනා නැගුවා, නඩු දුනවා කීවා, හිරේ යවනවා කීවා. දැන් ඒවා වලංගු නැද්ද ? ඒ කියලා තියෙන්නේත් බොරුද ?

    ReplyDelete
  2. අනේ පව් jeppo

    ReplyDelete
  3. වොක්ස්වාගන් දුන් පියා නන්නත්තාරයි

    ReplyDelete
  4. හොරා කාලා ,,, ඒවා ගිලගන්නා බැරුව...ඉන්න තක්කඩික් මේකා ... නොකදකින් කලක්කනි වේසිගෙ පුතා ..

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම jvp ඉරිසියාව තියෙන එකෙක් එයි උඹලාගෙ ලොක්කෝ නම් දැන් ඉරිසියා කරන්නේ නෑ උණුත් දෑන් බලන්නේ කෝටිපති වෙන්න දෑන් ඉතින් උඹලා උඹලාගේ ලොක්කෝවගේ කීයක් හරි හොයා ගන්න බලපාන්

      Delete
  5. hire vilanguwe wetila inna kenek kohomadha mewage business karanne???? Ha ..Ha... Ha....Lapaya ...lapaya

    ReplyDelete
  6. After long long time....
    best of the best news ,..!
    Seenadipathi is real.,
    you feel the (heart) beats.

    ReplyDelete
Previous Post Next Post