ලංකාවේ ආර්ථිකය දැන් හොද මට්ටමක...- IMF


 ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

මෙහිදී විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, මෑතකාලීන ආර්ථික වර්ධනයන් මෙන්ම, දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගත්හ.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, විධිමත් ලෙස ආදායම් කළමනාකරණය සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම මගින් මෙරට ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් බවට පත් වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

ළඟා කර ගත් ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල වී ඇති බාහිර අභියෝගය හමුවේ ඉන්ධන මිල සහ බලශක්ති සැපයුම කෙරෙහි සිදුව ඇති බලපෑම කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා  මහජනතාවට ඇති වන දුෂ්කරතා සහ බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ වැදගත්කමද අවධාරණය කළේය.

මෙම බාහිර අභියෝග මධ්‍යයේ වුවද, ළඟා කරගත් ආර්ථික වර්ධනය පවත්වා ගනිමින් මෙරට ජන ජීවිතය සහ ආර්ථිකය  මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලක් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතා ඇතුළු එහි නියෝජිතයන් වන Martha Woldemichael, Enrique Flores Curiel, Dinar Prihardini, Ursula Wiriadinata, Ozlem Aydin, Yorbol Yakhshilikov, Klakow Akepanidtaworn  සහ මානවි අබේවික්‍රම යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ,ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික  සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපෝන්සු, ශ්‍රී ලංකා මහබැංකුවේ අධ්‍යක්ෂ එස්. ජෙගජීවන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

5 Comments

  1. Thawa hondata badu gahanna, also to cover losses from corruption?

    ReplyDelete
  2. පතිරණ ගලප්පත්තිApril 3, 2026 at 9:56 PM

    විමලෙගෙ කැලෑ පත්තරේ ධනාත්මක ප්‍රවෘත්තියක් දාලා, මෙහෙම එකක් දැක්කමයි මේ මල ඉලව්වේ. (අන්න ඇමරිකන් ෆයිටර් ජෙට් එකකට ඉරාන මිසයිලයක් වැදිලා, බිම වැටිලා, ඔන්නම් ඒක දාන්ඩ, මේක කියවන රාජපස්සගෙ සරම පල්ලෙන් වැටිච්ච පොන්නප්පුලට සන්තෝස වෙන්ඩත් එක්ක, මොකද ඉකොනොමි එක හොඳයි කියලා මොකෙක් හරි කිව්වම ඕක්කුන්ට බඩ එළිය යනවා).

    ReplyDelete
    Replies
    1. dOBI, economy is not performing well check other's purse

      No FDIs, No new factories, Hardly job market expands

      But your purse may be filled by dobi funds.

      Delete
  3. Oka IMF ekey aya Sinhalen kivvada? Ingreesi version eka dammama aththata kiyapu ewa balaganna puluvan. Api nodanna Jeppo.

    ReplyDelete
  4. Oya report eka President’s office eken daapu statement ekakne. Ko IMF ekey (aththa) statement ekak?This is only a statement from the President's Office. Let's see what the IMF said in their OWN report.

    ReplyDelete
Previous Post Next Post