රුපියල දිනක් තුල 1.37%කින් දැවැන්ත කඩා වැටීමක.. අද 342 පනී.. රාජ්‍ය බැංකුවල 345 පනී..


ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවලට අනුව, මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (20) දිනයේදී රුපියල් 342 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මහ බැංකු නිවේදනයට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් සහ විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙස සටහන් විය. 

ඊයේ (19) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් සහ විකුණුම් මිල රුපියල් 338.07ක් ලෙස පැවති අතර, ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද වන විට ඩොලරයේ විකුණුම් මිල 1.37%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.

මේ අතර, මෙරට ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක ද අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 345.20ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 335.65ක් ලෙසය. 

මෙම තත්ත්වයත් සමඟ ඉදිරි දිනවලදී මෙරට ආනයන වියදම් තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

4 Comments

  1. කෙබරකොටා ජනාධිපති කරපු 56 ලක්ෂයට සහ ආණ්ඩුව ට 2/3 දීපු මොන්ගල් 68 ලක්ෂයට දැන් සැප..ද..............?

    ReplyDelete
  2. අනේ මගේ රට! ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් දශක හයක් විනාශ කරපු රට! එක්සත් කොට දියුණු කිරීමට කටයුතු සිදු වෙද්දී යහපාලනය විසින් විනාශය ඇරැඹූ රට. දරුවනේ, හැම කෙනෙක්ම නිෂ්පාදකයෙන්, ව්‍යාපාරිකයෙක්, හෝ කෘෂිකාර්මිකයෙක් වීමට කටයුතු කරන්න. කොච්චර දේවල් තියෙනවද කරන්න. ලී යෝගට් හැඳි නිපදවීම, ඉවතලන සියල්ලම ප්‍රතිශක්තිකරණය කිරීම, හැම තැනම තියෙන කොළරොඩු වලින් කාබනික පොහොර නිෂ්පාදනය යනාදී දහසක් දේවල් සඳහා බුද්ධිය හා ශක්තිය යොදවන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචක්‍රීකරණය

      Delete
  3. ඩොලරය 500ට ගියත් කමක් නැහැ ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් හොරා කාපු එවුන් හිරේට යැවිම පමණයි

    ReplyDelete
Previous Post Next Post