කොංගෝ ජනරජය තුළ අවම වශයෙන් පුද්ගල ජීවිත 131ක් බිලිගත් ඉබෝලා වෛරසය , මුලින් ගණන් බලා තිබූ වේගයට වඩා බෙහෙවින් වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
සිදුකරන ලද පුළුල් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම මාරාන්තික වෛරසය මේ වන විටත් කොංගෝවේ සැලකිය යුතු ප්‍රදේශ ගණනාවකට පැතිර ගොස් ඇති බවයි.
කොංගෝ රාජ්‍යය තුළ වෛරසය ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සංඛ්‍යාව 513ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වසංගත තත්ත්වය හේතුවෙන් අසල්වැසි උගන්ඩාවෙන් ද එක් මරණයක් වාර්තා වී ඇත.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ උගන්ඩාව මුහුණ දී ඇති මෙම ව්‍යසනකාරී තත්ත්වය, ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය යුතු "මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්" ලෙස සලකා කටයුතු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩීහැනොම් ගෙබ්‍රෙයෙසස් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම රෝගී තත්ත්වය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමට තරම් සාධක තවමත් සපුරා නොමැති බවයි.
එහෙත්, අවට පවතින සෙසු අසල්වැසි රටවලට මෙම වෛරසය පැතිර යාමේ ඉතා ඉහළ ප්‍රවණතාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි, කොංගෝව සහ උගන්ඩාව වෙළාගෙන ඇති මෙම වසංගතයට හේතුවී ඇත්තේ 'බුන්ඩිබුග්යෝ' නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදයයි. මෙය කිසිදු නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැති ඉතා දුර්ලභ ගණයේ රෝගී තත්ත්වයකි.
මීට පෙර කොංගෝවෙන් සහ උගන්ඩාවෙන් ඉබෝලා වසංගත තත්ත්වයන් 20කට අධික වාර ගණනක් වාර්තා වී තිබුණද , බුන්ඩිබුග්යෝ වෛරස් ප්‍රභේදය මෙලෙස ව්‍යාප්ත වූයේ ඉතිහාසයේ තෙවැනි වතාවට වීම විශේෂත්වයකි.

ලෙමන් පක්කාරයා දුවන්නේ බිල්ලො මවලා
ReplyDeleteඕවා කිව්වට මේ ආණ්ඩුව වට්ටන්න ටිකක් අමාරුයි හැබැයි
ReplyDeleteග්න්ක්ශගෝටබය❤මැතිතුමා ට්න පින්සිද්ද වෙන්න එක ගහන් බේරිලා මරු දොඩවනවා ඩෝබිලා
DeleteWHO පකයො බිල්ලො මවල මිනිස්සු බය කොරල මුලා කොරලයි යැපෙන්නෙ. ඕකුන් කෝවිඩ් කියල ප්‍රෝඩාවක් කොරල ගරපු ගැරිල්ල සහ මරපු මැරිල්ල මිනිස්සුන්ට දැන් අමතක වෙලා
ReplyDeleteබටහිර නාසිවාදී මිනීමරැවන්ගේ, ඖෂධ මාපියාව විසින්, නූගත් වහල් වනචාරී බටහිරගැති වහල් වසල පාලකයන් පාලනය කරනා රටවල
ReplyDeleteරැස්කරනාලද ධනය/බදු මුදල් ,..
සහ ඩොලර් හිගන්නන් හිගමා නයට ගන්නා ලද ඩොලර් යනාදිය සූකෂම ලෙසට සූරා කෑමට,..
"ස්විස්ටර්ලන්තයේ වැඩමුලු සදහා සහභාගී කරගනිමින් සූකෂම ලෙසට මොල සෝදනාලද"..
ඖෂධ මාපියාවේ "
හීනමානසික නූගත් ඇලෝපාතික පාහරයන් වන දේශීය ළු්ඡන්තයන් උපයෝගී කර ගනිමින්''...
ලෝකය පුරාවට,..
බටහිර නාසිවාදී මිනීමරැවන්විසින් ,..
දේශගුණික හාර්ප්ස් ප්රහාරයන් සක්‍රීය කරමින්,..
ඖෂධ මාපියාව,..
සූරාකෑම,..
කොල්ලා කෑම,..
මිනී මැරීම ,..
සමූල ඝාථණ ,..
ඡන සංහාර,..
සියලු ප්රහාරයන් සක්‍රීය කරමින්,..
පවතිනා බව සබුද්ධික සැමගේ දැඪි අවධානයට,.!