අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ ජනාධිපතිවරණයේදී තිබුණු 43% ඡන්ද ප්‍රතිශතය මේ වන විට 20% දක්වා බැස ඇති ජනතා විමුක්ති පෙරමුණේ මාලිමා ආන්ඩුව පළාත් සභා මැතිවරණයට බිය වන්නේ එම මැතිවරණයෙන් නියත පරාජයක් අත්වන බව දැනගෙන බව හා වර්තමාන රජයට පළාත් සභා මැතිවරණය හැකිනම් පවත්වන ලෙසට තමන් ඇතුළු සමගි ජන බලවේගය අභියෝග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් බද්දුමබණ්ඩාර නුවරඑළියේදී පැවසීය .
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය සමගි ජන බලවේගී ආසන සංවිධායකවරයා වශයෙන් අභිනවියෙන් පත්වූ ඒ.ආර්.අජිත් කුමාර මහතා පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වී එහි සභාව අමතන අවස්ථාවේදීය ,
නව ආසන සංවිධායකවරයා වශයෙන් අභිනවීන් පත් වූ පසුගිය පළාත් පාලන මැතිවරණයේ නුවරඑළියේ මහ නගර සභාවට ස්වාධීනව තරග කර සභිකයන් තිදෙනෙකු සමග තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් නායක අජිත් කුමාර මහතා පිළිගැනීමෙන් පසු නුවරඑළිය කොට්ඨාශය සඳහා වන නිලධාරි මණ්ඩලයෙන් ලිපි ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය ,
මෙම වැඩසටහන සමගි ජන බලවේගයේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පුත්තලම දිස්ත්‍රිපාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිණ ,
උත්සව සභාවේ වැඩිදුර අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුබණ්ඩාර මහතා මෙසේද පැවසීය ,
පහුගිය ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂය හා අපි දෙකට බෙදුන නිසයි ජයග්‍රහණය කිරීම අපිට ප්‍රශ්නයක් වුණේ ,
ජනාධිපතිවරණ ඉතිහාසයේ හැම ජනාධිපතිවරයෙක්ම ජයග්‍රහණය කරලා තිබ්බේ සිහියට පනහකට වැඩිය ඡන්දෙ අරගෙන බහුතරයක් ලබාගෙන ,
ඉතිහාසය ප්‍රථම වතාවට තමයි පහුගිය ජනාධිපතිවරණයේ අනුර කුමාර දිසානායක ජනාධිපති වුණේ සුළුතර ඡන්දයකින් ,
ඔහු ගත්තේ 43% ක් විතරයි එවන් පසුබිමක මාස හයක් වෙනකොට පළාත් පාලන මැතිවරණයේදී මහනගර සභා ප්‍රාදේශීය සභා ජයග්‍රහණයේදී එය 42%ට බැස්සා ,
වර්තමානය වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය 20% බැහැලා තියෙන්නේ ,
අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා පුලුවන් නම් පළාත් සභා මැතිවරණය තියන්න ,
මේ රටේ ඉන්න සිංහල ද්‍රවිඩ මුස්ලිම් සහ උතුරු නැගෙනහිර ජනතාව මධ්‍යම කඳුකරේ ඉන්න ජනතාව දකුණෙ ඉන්න ජනතාව ගැන සියල්ලන්ටම බලය විමධ්‍යගත කරන්න තමයි පළාත් සභා මැතිවරණය තියෙන්නේ ,
1987 වසරේ ඒ පළාත් සභා පණත සම්මත කරද්දී අද ඉන්න අනුර කුමාර දිසානායකලා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම එදා පළාත් සභාවට විරුද්ධ උනා ,
මිනිස්සුන්ව මැරුවා දස දහස් ගානක් අපේ එක්සත් ජාතික පාක්ෂිකයෝ මැරුවා ,
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිනි තිබ්බා ටාස්ෆෝමර් ගිනි තිබ්බා බැංකු කැඩුවා තේ කර්මාන්තශාලා හතලියකට වැඩිය ගෙන තිබ්බා ,
ඊට පසුව කිසිම ලැජ්ජාවකින් තොරව පළාත් සභා මැතිවරණ වලටත් තරග කරා ,
ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඔහුගේ පොරොන්දු පත්‍රිකාවේ තිබ්බා පළවෙනි අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දෙ තියෙනවා කියලා ,
නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා දන්නවා පළාත් සභා මැතිවරණය තිබ්බොත් ඔවුන් පරදින බව ,
පළාත් පාලන මැතිවරණ තිබ්බා එහි සභා 330න් 179ක් රජයට වඩා විරුද්ධ පක්ෂය ජයග්‍රහණය කරා ,
ඒ නිසා ඔවුන් හොඳටම දන්නවා මේක තිබ්බනං ඔවුන් පරදින බව දැන් ඒක තියන් නැතුව ජනතාව මුළා කරන්න පාර්ලිමේන්තුව කොමිටියක් පත් කරගෙන ඉන්නවා ,
පළාත් සභා මැතිවරණය තියෙන කමිටුවේ මම ඇතුළු අපේ පක්ෂ කණ්ඩායමකුත් ඉන්නවා ,
අපි ඒ කමිටුවේදී ඉල්ලීමක් කරා පණතේ තියෙන කරුණු වලට අමතරව සුළු සංශෝධන සිදුකර කඩිනමෙන් මෙම මැතිවරණය පවත්වන්න කියලා ,
1987 තිබ්බ ව්‍යවස්ථාව අනුව මේ පවත්වන්න කියලයි අපි අදටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ,
ඔවුන් මැතිවරණයකින් පරදින විත්තිය දැනගෙන කිසිම සූදානමක් නැහැ පළාත් සභා මැතිවරණය පවත්වන්න ,
මේ රට දවසින් දවස ප්‍රපාතයට වැටෙනවා පළවෙනි මාස හයේ කිව්ව දේවල් මොනවද කරලා තියෙන්නේ ,
සංචිත වැඩිවෙලා ඩොලර් මිල ශක්තිමත් වෙලා කියලා කිව්වට අද ඩොලරයේ මිල රුපියල් 326 ක් දක්වා ඉහළගිහිල්ලා තියෙන්නේ ඒ ඉතිහාසය තුළ තුළ ඩොලර් මිල ඉහළ ගිය වැඩිම මිල ,
රටේ මේ වනවිට කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ අ රට බංකොලොත් වෙලා තියෙන්නේ ,
ද්විත්වා සුළි කුණාටුවෙන් හානියට පත් වෙච්ච අයට මහලොකුවට කිව්ව තහඩුවක් ගියත් ලක්‍ෂ දහයක් දෙන්නම් කියලා ,
ගෙදරට ලක්ෂ පනහක් දෙන්නං කිව්වා ඉඩමට ලක්ෂ පනහක් දෙන්න කිව්වා අද නුවරඑළියට වලපනේට කොත්මලේට ගියාම ඒ බොරු පොරොන්දු ඉටු නොකර තිබීම අපිට හොඳටම පේනවා ,
අපි රජයෙන් ඉල්ලා සිටින්නේ දුම් පොරොන්දු ඒ විදිහටම ඉටු ඉටුකරන්නන වගේම ඡන්දය දිනන්න පුළුවන් නම් ඔබට බය නැතුව පළාත් සභා තියන්න කියන අභියෝගය රජයේ හමුවේ තබනවා .
- ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

ආයි මැතිවරණ තියන්නෙ රට ඉන්න අපි වගෙ අයටත් චන්ද අයිතිය දුන්නට පස්සෙ මහත්තය. ඔය පුස්සො නිකංම කැලේ එතකොට. කැට තියල කියන්නෙ තව අවුරුදු 20කිං මෙහා ජාතික ජන බලවේගය හොල්ලන්න අපි ඉඩ දෙන්නෙ නෑ.
ReplyDelete