ලංකවෙන් තුරන් කල බරවා යලි පැතිරේ...


 පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු, මැලේරියාව සහ බරවා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 14ක් සිදුව ඇත. සමස්ත රෝගීන්ගෙන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වේ. විශේෂයෙන් කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර යන දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය ඉහළ අගයක පවතී.

නිවෙස්වලට වඩා පාසල්, ආගමික ස්ථාන, වැඩබිම් සහ කාර්යාල පරිශ්‍රවල මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇත.

තද උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය සහ සමේ රතු ලප මතු වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

2016 වසරේදී ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර ඇත. රෝගය තුරන් කළද, එය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් වී නොමැති අතර ආවේක්ෂණ කටයුතු හරහා ඉතා අවම රෝගීන් ප්‍රමාණයක් තවමත් හඳුනා ගැනේ.

මෝසම් වැසි සමග රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින්, ජනතාව තම වටපිටාවේ මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඒවා විනාශ කිරීමට පියවර ගත යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කළාය.

Previous Post Next Post