ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට 2014 සමයේ චූදිතයෙක් පත් කරලැයි චෝදනා..


ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනවිරත්න මහතා පත්වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින්
, ඒ පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස ‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස් - ශ්‍රී ලංකා’ (Freedom Defenders - Sri Lanka) සංවිධානය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

පසුගිය 2025 මාර්තු මස 18 වනදා පාර්ලිමේන්තුවේදී වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ සංවාදයක් මුල් කරගනිමින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, 2014 වසරේදී මෙරට පැවැති තරගාවලියක් ජයග්‍රහණය කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස ෆීජි දූපත්වලින් ක්‍රීඩකයන් තිදෙනෙකු මෙරටට ගෙන්වා ඇති බවයි.

ලෝක රග්බි සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම් 50,000(පවුම් පනස්දහසක) දැවැන්ත දඩයක් පැනවීමට ලෝක රග්බි සංවිධානය පියවර ගෙන ඇත. මෙම දඩ මුදල ශ්‍රී ලංකාව විසින් වසරකට පවුම් 5,000 බැගින් අදටත් ගෙවමින් පවතින බව ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සනාථ කර තිබේ.

ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස්’ සංවිධානය පෙන්වා දෙන්නේ 2014 මැයි මස 02 වනදා පැවැති ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ (SLRFU) හදිසි කවුන්සිල රැස්වීමේ වාර්තාවලට අනුව, අදාළ විදේශීය ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ එකල රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසංග සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ බවයි.

රටට සහ ක්‍රීඩාවට මූල්‍යමය හා කීර්තිනාමයට විශාල හානියක් සිදු කළ මෙවැනි සිදුවීමකට වගකිව යුතු පුද්ගලයකු, මෙරට ප්‍රධානතම ක්‍රීඩා ආයතනයක් වන ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වීම සදාචාරාත්මක නොවන බව එම සංවිධානය අවධාරණය කරයි.

ක්‍රීඩාවේ උන්නතිය සහ විනිවිදභාවය වෙනුවෙන් ෆීජි ක්‍රීඩකයන් ගෙන්වා රටට පවුම් 50,000ක දඩයක් වැදීමට හේතු වූ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීම, එම විමර්ශනයේදී අපරාධමය වරදක් අනාවරණය වුවහොත්, ඒ පිළිබඳ ඉදිරි කටයුතු ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදීම, දැනට පත් කර ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසුරුවා හැර, රටේ ක්‍රීඩාව තරගකාරී මට්ටමකට ගෙන යා හැකි සුදුසු පුද්ගලයන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය පසුබිම සකසා දීම පියවර ගන්නා ලෙස ‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස්’ සංවිධානය ක්‍රීඩා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.


2 Comments

  1. පුදුමයක් නෙමේ.May 31, 2026 at 7:40 AM

    මාලිමාවට කොහෙද බං හොඳ මිනිස්සු? ඉන්නෙම මිනීමරුවෝ, හොරු, කොමිස් කාක්කෝ, ධර්ම විරෝධීන්, සමලිංගිකයෝ, වගේ පාහර හැත්ත.
    ඉතින් ඕක ප්‍රවෘත්තියක් නෙමේ. හොඳ මිනිහෙක් දැම්මනම් ඔන්න ඉතින් ඒක ප්‍රවෘත්තියක්.

    ReplyDelete

  2. ඊයා බං. මොක්කුද මේ පත් කරන්නේ.
    කෝ අර ක්‍රීඩා ඇමති?

    .... 🤔🤔 ඇත්තටම මොකාද ක්‍රීඩා ඇමති? ඌ පත් වුනත් හරි කිසිම වැඩක් කරේ නැති නිසා නම දැකලත් නැහැ.

    ReplyDelete
Previous Post Next Post