ඩොලර් 290ට පොහොර හොයාගන්න නෑ.. 900ට තමයි ගන්න වෙන්නේ..- රජය


 කසකස්තානයෙන් ඉතා අඩු මිලකට යූරියා පොහොර ලබාගත හැකිව තිබියදී රජය වැඩි මිලට පොහොර ආනයනය කරන බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

පසුගිය මැයි 4 වන දින ඇතැම් මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම කාර්යාලය මේ බව ප්‍රකාශ කර සිටී.

අදාළ පුවත මඟින් කසකස්තානයෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 220-320ත් අතර මිලකට මිලදී ගත හැකි බවට ප්‍රකාශ කර තිබුණ ද, වර්තමාන ලෝක වෙළඳපොළේ පොහොර මිල ගණන් ඊට වඩා කිහිප ගුණයකින් ඉහළ අගයක පවතින බව දත්ත මඟින් තහවුරු වන බව ඔවුන් නිවේදනය කරයි.

ජාත්‍යන්තරව පොහොර මිල ගණන් ප්‍රකාශයට පත් කරන 'Argus' සඟරාවේ වාර්තාවන්ට අනුව මැදපෙරදිග යූරියා මිල (FOB) මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 840-910ත් අතර අගයක පවතී.

පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව පවා පසුගිය මාසයේ යූරියා මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 900කට වඩා වැඩි මිලකට බවය.

කසකස්තානයෙන් යූරියා පොහොර ආනයනය කිරීමට මෙතෙක් ඉල්ලුම් කළ සියලු ආයතන වෙත රජය විසින් අප්‍රමාදව අනුමැතිය ලබා දී ඇතත් එවැනි අනුමැතියක් ලබාගත් 'Ceylon Trading and Plantation (Pvt) Ltd' ආයතනය ඇතුළු කිසිදු සමාගමක් මේ දක්වා කසකස්තානයෙන් පොහොර ආනයනය කර නොමැති බව ද එම කාර්යාලය සඳහන් කරයි.

පොහොර ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ Argus වාර්තාවට අනුව, ලෝක වෙළඳපොළේ වර්තමානයේ පවතින සැපයුම් සීමිත වීම් හමුවේ මිල ගණන් ඉහළ මට්ටමක පවතී. බ්‍රසීලය වැනි ප්‍රධාන ගැනුම්කරුවන් පවා මේ වන විට ඇමරිකානු ඩොලර් 750-780 (CFR) වැනි මිල ගණන් යටතේ පොහොර මිලදී ගැනීමට මැලිකමක් දක්වන්නේ වෙළඳපොළේ පවතින අධික මිල හේතුවෙනි.

ඒ අනුව, ගොවි නියෝජිතයන් විසින් ඉදිරිපත් කරනු ලබන මිල ගණන් හා ජාත්‍යන්තර වෙළඳපොළේ සැබෑ මිල ගණන් අතර විශාල පරතරයක් පවතින බැවින්, මහජනතාව නොමග යවන මෙවැනි පුවත් සම්බන්ධයෙන් විචාරශීලී වන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටී.

9 Comments

  1. Google Search AI answer = As of early 2026, Kazakhstan-origin Urea 46% N (granular/prilled) fertilizer is commonly priced around $280–$320 USD per metric ton (CIF) for large, bulk export orders (minimum 10,000+ tons). Prices vary by delivery destination, typically utilizing shipping routes from Aktau or Aktrau ports.

    ReplyDelete
    Replies
    1. Early 2026 must be before the war. What is current is what matters

      Delete
    2. after the war ithas further come down due to excess stocks

      Delete
  2. Serch google for Kazakhstan fertilizer prices. Eaither google lie or Sri Lanka goverment lie

    ReplyDelete
  3. There is enough and more sellers from Kazakhstan for fertilizer. directly Kazakhstan goverment giving for other countries less than 210USD

    ReplyDelete
  4. අනේ ද කියන්නේ

    ReplyDelete
  5. නියමායි. තවත් ඡන්ද ප්‍රතිඵලයක්. ගහන්ට සද්දෙට අත්පුඩියක්

    ReplyDelete
  6. AKD ge puke hile balapan. Kari JVP hukannala.

    ReplyDelete
  7. Read this letter carefully. The letter is not written by the National Fertilizer Secretariat . Someone from outside drafted this and only paste . Idiots !!!!

    ReplyDelete
Previous Post Next Post