නැකත වැරදියි කියා වෙසක් පෝය මැයි 30ට දාන්න කිවුවේ මහනාහිමිවරුන්..- බෞද්ද කටයුතු කොමසාරිස්


 2026 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි මස 30 වන දින ලෙස සැමරීමට රජය තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

මීට පෙර රජයේ දින දර්ශනයන්හි වෙසක් පොහොය මැයි මස 01 වන දිනට යෙදී තිබුණ ද, එදිනට විසා නැකත නොයෙදීම හේතුවෙන් උද්ගත වූ සමාජ කතිකාවත සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධනය සිදු කර ඇත.

චිරාගත ශාසනික සම්ප්‍රදායට අනුව වෙසක් පොහොය දිනය විසා නැකත සමඟ යෙදිය යුතු බැවින්, විසා නැකත උදාවන මැයි මස 30 වන දින වෙසක් පොහොය ලෙස නියම කරන ලෙස ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතියට අනුව, 2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 27 වන දින පැවැත්වීමට නියමිතය.

එසේම 2026 මැයි මස 27 වන දින සිට ජූනි මස 02 වන දින දක්වා කාලය 'වෙසක් සතිය' ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇත.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා මෙම දිනයට අදාළ නිල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

3 Comments

  1. සුබ නැකතට රට අනුරට කියල ජෙප්පොන්ට රට දුන්නත් හරි රටම සමරන සුබ නැකත් සේරම අවුල්.

    ReplyDelete
  2. මහා නායක හිමිවරු පාඩුවේ හිටියනම් හොදයි. දැන් උන්වහන්සේලාට හොදට නින්ද යනව ඇති අනුර මැයි දිනේ ලෙසටම සැමරුවනේ. උතුම් වෙසක් දිනේ ලෝකෙම සමරද්දි අපි නිකමො වුනා.

    ReplyDelete
Previous Post Next Post