ඩීසල් ගොඩබාන මිල 410යි.. මේ ගාණට දෙන්න බෑමලු..


කිසිදු බදු මුදලක් නැතිව ඩීසල් ලීටරයක් මෙරටට ගොඩබාන පිරිවැය රුපියල්
410ක් පමණ වන බැවින්, දැනට පවතින රුපියල් 392ක මිලට එය අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බෙදාහරින්නන්ට ලබා දෙන මුදල් හෝ කිසිදු බදු මුදලක් එක් නොකළද, වත්මන් ලෝක වෙළඳපොළ මිල අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 409ත් 410ත් අතර අගයක පවතින බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ රුපියල් 410ක පිරිවැයක් සහිත ඩීසල් ලීටරයක් රුපියල් 392කට පොම්පයෙන් අලෙවි කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු අවධාරණය කරයි.

ඉන්ධන සඳහා රජය විශාල සහනාධාරයක් ලබා දෙන බව පවසන ඒ මහතා, දැනට ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පමණ සහනාධාරයක් පවතින බව ප්‍රකාශ කළේය.

මෙම සහනාධාර වෙනුවෙන් රජය මාසිකව රුපියල් බිලියන 15ත් 20ත් අතර මුදලක් වැය කරන අතර, වසරකට එය රුපියල් බිලියන 200ත් 250ත් දක්වා ඉහළ අගයක් ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙලෙස මිල අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු නොවන බවත්, එය ඩොලර් සඳහා ඇති ඉල්ලුම පාලනය කිරීමට බාධාවක් වන බවත් ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඉන්ධන පරිභෝජනය අඩු නොකර ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීම අපහසු බැවින්, ඉන්ධන සඳහා මෙවැනි සුබසාධන සහනාධාර ලබා නොදිය යුතු බව ඔහුගේ අදහසයි

14 Comments

  1. ලෝකෙත් නැතිගනවලට ගත්තහම් එහෙම වෙනවා

    දැන් ගලගුරු පාඩුව මකගන්න්ත ඩිසල් ඕනේ

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ගල් අඟුරු පාඩුව? කෝ උඹලගේ මහලොකු සාක්කි තියෙනව කිව්ව එව්වා?
      අර ගුදේ-ගඳ-යන-එන-මං-නැති-පිල කිව්ව වගෙ හිතළු කියන්න එපා බං, උඹල තණකොළ කෑවට උම්බෑ කියද්දී දන්නව දැන් මස් කඩේ අග්ගිස්සේ ඉන්නෙ, ඒ නිසා මරු කියෝනව කියල.

      Delete
    2. when coal powered power station fails to generate the required power due to low specific heat of low quality coal

      then the generation gap has to recover, only solution is to use diesal or hevy oil powered power plants

      I think dobi can understand this

      Delete
    3. දැන් ලංකාව ඩිජිටල් නිසා තෙල් ඔන නැහැ, හාන්ස් සහ හාන්ස්ට හේත්තු වෙලා හොර ඩිරෙක්ටර් කමක් ගත්ත, අයි ටී නොදන්න සහ කයිය ගහන පොර සහ ඊ ජී එන් සහ ගොඩක් අයි ටී පොජෙක්ට් කෙලවපු වරුණලා කැලණියේ පිහියෙන් ඉන්නවා, චක්‍රලේක ගහන එකට එහා ගිය දෙයක් නැහැ. මුන් ජනපතිව නැතිකරනවා සත්තයි

      Delete
    4. ලංකාවෙ උන් සියල්ල දත් ල නෙ. අර ලන්කට්ට වගෙ.

      Delete
    5. Gal aguru koheda wancha karala thiyenne..?

      Ko nadu dapab gihin ..?

      Thopr papla thama giya andu kale tendar netiwama aran thiyenne😂😂😂

      Delete
  2. හාර සීයට හරි මෙදා පාර තෙල් ගන්න තියෙනව තාම. ලංකට්ටගෙ කාලේ කළු කඩේ පෙට්‍රල් ලීටරේ දාහයි. ඒත් කාර් එකට දාන්න බෑ, 98 නෙමේ වෙන මළ ජරාවක්.
    මුං හරියට පඩංගු ලියන්නෙ ලංකට්ට, කජු පොන්ටිං මේක තවුතිසාව කරල ගියා වගෙ.

    ReplyDelete
  3. Pla wesige putha yannna, pahara wesige putha.. Ranil karagena awa lassanta.. munge bala lobaeta boru kiyala den hath pole gagena den anunta babinawa.. thopi wage un thamai pacha lapaya genawe, eka nisa kelavila yanna ona pahara 68 laksheta.. balan hitpiya geriya..

    ReplyDelete
    Replies
    1. කළා නැට්ටක්. ගෑනිගේ උපාධිය ගන්නත් අපේ සල්ලි වියදං කරන් ගිය හිඟන්න.

      Delete
    2. vietnam jET eke salli gewwe kawda kiyala kiyanna German Presidentath baha

      Delete
  4. අනෙ. හොදයි ලොන්තයො ටික පචයො ටික 1000ගියත් අපි ලොන්තයන්ට ලl lontha island 🏝️

    ReplyDelete
  5. ඔය ධනනාත් කියන්නේ අයිඑම්එෆ් එක ලංකාවේ NGO එකක් හරහා පැල කරපු කුක්කෙක්.ආණ්ඩුවට කඩේ යන එකෙක්.

    ReplyDelete
  6. ධනනාත් අර කාංචනට යන කොමිස් එකයි, අධික බදුයි අයින් කරන්න කියපන් ඡන්ද වේදිකාවේ වැළලුනා වගේ. එතකොට මිනිස්සුන්ට අඩු ගාණට දීලා රජයටත් පාඩු නොලබා ඉන්න පුළුවන්. ධනනාත් රෙදි හෝදන එක නවත්තලා මිනිස්සු ගැන හිතන මනුස්සයෙක් වෙයන් මුලින්ම.

    ReplyDelete
  7. ගල් අගුරු පාඩුව පුන්චි අම්මගෙන්වත් ඉල්ල ගමු. රට අදුරට

    ReplyDelete
Previous Post Next Post