අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
විගණන වාර්තාවලට අනුව, අධිවේගී මාර්ගවලට ඇතුළු වූ වාහන සංඛ්‍යාව සහ පිටවීමේදී ගෙවීම් සිදු කළ වාහන සංඛ්‍යාව අතර රුපියල් මිලියන 4614ක දැවැන්ත පරතරයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.
මීට අමතරව, රුපියල් මිලියන 380ක duplicate payments සිදුවී ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.
ටෝල් ගේට්ටුවලඅවශ්‍ය තරම් ටෙලර්වරුන් Tellers
නොමැති වීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල වාහන ඇතුළු වුවද පිටවීමේදී ගෙවීම් නිසි පරිදි සිදු නොවීම, ටෝල් ගේට්ටු තුළ විවිධ උපක්‍රම ඔස්සේ සිදුවන මූල්‍ය වංචාවන් මෙම තත්ත්වය ඇති වීමට බලපා ඇති ප්‍රධාන කරුණු වශයෛන් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
මෙම මූල්‍ය කාන්දුවීම් අවම කර ගැනීමට දැනටමත් පියවර ගනිමින් සිටින බවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉදිරි විගණන කටයුතු හරහා මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔය ඩබල් පේමන්ට් කොරපු සමාගම් ලැයිස්තුව අරගෙන බලන්න. ඔක්කොම ජේවීපී සම්බන්ධයක් ඇති සමාගම්. අස්වැසුම ඩබල් ගෙවපු ලැයිස්තුවෙ සියලුම අය ගම්වල ජේවීපී පූර්ණකාලීනයො.
ReplyDeleteමුන් highway කොහේ හදන්නද ? හදල තියෙන එකේ සල්ලි ටික එකතු කරගන්න බැරි අපතයෝ
ReplyDeleteදැන් තමයි මට තේරුණේ මෑන් ඩබල් පොකට් අඳින්නේ ඇයි කියලා.ඩුප්ලිකේට් පේමන්ට් දාගන්න පුළුවන්නෙ.කලින් ඉඳලම වැඩේ ප්ලෑන් කරගෙන ඇවිල්ල තියෙන්නෙ.
ReplyDeleteUmbe mole ale danna watinawa.
ReplyDeleteUmbe mole nam Kakussi Walata thamayi
Delete