ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ සැබෑ පිරිවැය අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවිය යුතු වුවද, රජය තවමත් එය රුපියල් 392 වැනි අඩු මට්ටමක පවත්වාගෙන යමින් පාරිභෝගිකයාට සහන සලසන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝක වෙළඳපොළේ මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගියද එහි සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පැටවීමට රජය කටයුතු කර නොමැති බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අනුගමනය කරන විශේෂ ව්‍යාපාරික ආකෘතියක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
"සැබෑ පිරිවැය අනුව බැලුවහොත් අද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 700කට වඩා වැඩි විය යුතුයි. නමුත් අප එය ලබා දෙන්නේ රුපියල් 392කට. මෙහිදී සිදුවන පිරිවැය පරතරය සංස්ථාව විසින් දරා ගන්නවා. ඇතැම් මාසවල අප ලබන ලාභය, පිරිවැය අධික කාලවලදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට යොදා ගැනීම අපගේ ප්රතිපත්තියයි. අප බලන්නේ වසරක සමස්ත ක්‍රියාකාරිත්වය දෙසයි."
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය.
ඒ අනුව, වෙළඳපොළ මිල ගණන් යටතේ රජයන් දෙක අතර පවතින එකඟතාවක් (G2G) මත චීනයෙන් ඉන්ධන මිලදී ගැනීමට සාකච්ඡා පවත්වන බවත්, රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වන තාක්ෂණික සහ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලොකුවට ටෝක් දෙන්නේ පැලවත්තෙන් පාඩුව දරාගන්න වගේ.පාඩුව ගෙවන්නෙත් රටේ මිනිස්සු හින්දා කොහොමත් රුපියල් හත්සීයට ගත්තා වගේ තමා
ReplyDeleteඇත්ත මිලට දෙන්න. පාඩුවට දෙන්න එපා.
ReplyDeleteඔව් ඉතින් ලෝකේ වඩිම මිලට ඩීසල් ගත්තම වැඩිම මිලට තමයි මිනිස්සුන්ටත් දෙන්න වෙන්නේ.
ReplyDeleteHSBC ලොක්කා කලින්ම කියපු නිසා තමයි දැන් ගලේ පැහැරුව වගේ සද්ධ නැතුව ඉන්නෙ.
නැත්තන් ගියපාර තෙල් මිල වැඩි වෙන්නෙ 10 - 12 නෙමෙයි 200කින් විතර.
තව පාරක් ඩොලර් 286ට ඩීසල් ගමුද? ඩොලර් 140ක් ලෝක තෙල් මිලට වඩා වැඩිපුර අරන් ලෝක වාර්ථාවකුත් තිබ්බනේ.
ReplyDeleteඅපරාදේ රවුම් ගානක් වෙන්න ඩොලර් 300ට අරන් ඩීසල් ලංකාවේ 1000ට දෙන්න තිබ්බේ.
https://youtu.be/OJWAayCFZUQ?si=6ux6rvEIT_y5yoBD
ReplyDeleteMun wage pajatha, mari mol, L board karyo kohewath naha.. e pako, Lapayane kiuwe, Irane Yudde, araka meka, nisa feul adu weanwam mokatada andu kiyala.. parliament eke kiuwe Ranilta. Den mun kasaya beepu bero wage...
ReplyDeleteAneda kiyanne. Oya mai rali walata kochchara mudal nasthi kalada? Boruwata viyadam adu karanawa kiyala nasthi karanawa. Helicopter gaman walata senaga gennda bus walata. Janathawata wadak wena deyak karannda thibuna. Nidahas dinaya nam sochchamakata karanawa. Eka hondai. Habi me nasthiya?
ReplyDeleteane pako thawath boru kiyanne nethuwa gedara pala wesa ballo... Kanchanage komis nawattuwada ???
ReplyDelete