ජාතික අධිවේගී මාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ වෙන් කර ඇති අරමුදල් උපයෝගී කර ගනිමින් මාලඹේ - කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර 5.56 ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 08 ක් ලැබී තිබේ.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Senarath Engineering (Pvt) Ltd වෙත රුපියල් මිලියන 819 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජනපති සහෝදරයාගේ නියෝග නිර්දේශය මත පදනම්ව මෙවර අපි ලංසු කාල බලලා තමා කොන්ත්‍රාත්තුව පිරිනැමුවේ
ReplyDelete