රජයේ භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අතිශය බරපතළ තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා පැය තුනකට අධික කාලයක් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
එහිදී හෙළි වී ඇති වැදගත්ම කරුණක් වන්නේ පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතර කාලය තුළ කිසිදු සොයා බැලීමකින් හෝ විමර්ශනයකින් තොරව අවස්ථා 10කදී මෙම මුදල් ප්‍රශ්නගත ගිණුමට බැර කර ඇති බවයි.
මෙම ගෙවීම් දහයෙන් එකක්වත් අදාළ පාර්ශවයට ලැබී නොමැති බවත්, ඒ සියල්ල වංචාවකට ලක්ව ඇති බවත් රජය සෘජුවම දැනගෙන ඇත්තේ මාර්තු මාසයේදීය.
මෙම ගෙවීම් සම්බන්ධයෙන් මුලින්ම "රතු කොඩි" එසවී ඇත්තේ ජනවාරි මාසයේදී වුවද, ඉන් පසුවද ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමුඛතාවය පිළිබඳ ගැටලු මතු වී තිබේ.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් දැනුම් දෙන තෙක් මෙම ගෙවීම් අදාළ පාර්ශවයට ලැබී නැති බව මෙරට බලධාරීන් දැන නොසිටීම බරපතළ ගැටලුවක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රජයේ ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවේ සිට භාණ්ඩාගාරයේ අලුත් ආයතනයක් වෙත පැවරීමේ සංක්‍රාන්ති සමයේ පවතින පද්ධතිමය හිඩැස් උපයෝගී කර ගනිමින් වංචාකරුවන් මෙම මුදල් සොරාගෙන ඇති බවට හඳුනාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා විමර්ශන සිදුවන අතර, රාජ්‍ය මුදල් කාරක සභාව ලෙස තමන් අවධානය යොමු කරන්නේ මෙවැනි වංචාවක් සිදුවීමට ඉඩ සැලසූ නීතිමය සහ ක්‍රියාපටිපාටියෙහි පවතින දුර්වලතා පිළිබඳව බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5ක මුදල නැවත ලබා ගැනීමට නොහැකි වුවහොත්, අවසානයේ එම බර දැරීමට සිදුවන්නේ මෙරට බදු ගෙවන ජනතාවට බව හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.
මේ පිළිබඳව සියලු සාක්ෂි සහිත සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට නියෝග කර තිබේ.

ෂුවර් එකටම මහඑවුනුත් මේකට සම්භන්ධ ඇති. එහෙම නැතිව මෙච්චර විශල හොරකමක් කරන්ඩ කොහෙත්ම ඉඩක් නෑ.
ReplyDeleteTHIS IS ONLY RANIL KNOW.. ONLY EXPERIENCED PERSON KNOW THIS
Delete"රජයේ ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවේ සිට භාණ්ඩාගාරයේ අලුත් ආයතනයක් වෙත පැවරීමේ සංක්‍රාන්ති සමයේ පවතින පද්ධතිමය හිඩැස් උපයෝගී කර ගනිමින් වංචාකරුවන් මෙම මුදල් සොරාගෙන ඇති බවට හඳුනාගෙන ඇත."
THIS IS DEFINITELY INTERNAL CONSPIRACY
ඔය ක්‍රමයටම ලාල්ටයි විජ්ජරතනටයිත් ගෙවල් හදාගන්න සල්ලි යවල තිබේද?
ReplyDeletePelawattata gihilla dye mainata pukee ariyanam hoyaganna thibuna salli tika okkoma.
ReplyDeleteOya ponnaya 88/89 kaale rail paare dangahala puka diila thamayi jiiwithee beeragaththe
මාලිමාවෙ හොරු මහා භාණ්ඩාගාරය මංකොල්ල කනවා. උන්ට ඡන්දය දුන්න 68 ලක්ෂය පාඩුව බෙදාගනිල්ලා. අපෙන් ගන්න එපා.
ReplyDeleteරටම බංකොලොත් කරලා රස්සා පවා නැතිකපු පාඩුව උබ තනියෙන් ගන්නවාද ?
Deleteබිලියන 100$ කියන්නේ මිලියන 100,000 $
රු මිලියන නම් 320,000,000
මෙකට තනිකරම වග කියන්න ඕන ජනාධිපති ඔහු තමයී ශ්‍රී ලංකා මහා බැංකු ව යටතේ තිබුණු මේ ණය ගෙවිමේ ඒකකය මුදල් අමාත්‍යාංශයට ගත්තෙ.තිබුණු විඳියටතිබුණා නම් ඉවරයි නේ.මෙපමණ කාළයක් මහා බැංකුවෙන් මේ රාජකාරිය හරියට සිදු කරා නේ එහෙනම් ඇයිමේ රාජකාරිය මුදල් අමාත්‍යාංශයට ගත්තෙ?මොකද්ද උවමනාව? අන්න එක තමයී ජනතාවට තිබෙන ප්රශ්නය..මෙකට උත්තර දෙන්න.දැන් මෙකට පලවෙනි බිල්ල ගත්තා දැන් ඔය හැමෝ ගෙම අත්වල ලේ
ReplyDeleteමෙපමණ කාළයක් මහා බැංකුවෙන් මේ රාජකාරිය හරියට සිදු කරා නේ එහෙනම් ඇයිමේ රාජකාරිය මුදල් අමාත්‍යාංශයට ගත්තෙ?
Deletebig kuchchan
මුදල් අමාත්‍යාංශයට ගත්තෙ IMF ekka thibba program ekak nisa. Aeka karana sankraanthi kaale (1 year) thamai meka vuney. Mudal lekam vagakiva yuthui.
DeleteEka ehema keruwe mehema karandada? Apata hithenawa.
DeleteIMF ekath mekata sambandada?
DeleteAKD Directly responsible
DeleteMudal amaathyanshayen karanna patan gaththe IMF - Ranil inna kaale karapu godak program valin ekak nisa. Aeka niyamitha vidihata/velavata Anura kaley nathi nisa thama mekata mulma hethuva, Kota avruddak gihinuth ae program eka karala na.
Deleteදැන් අර කොටා පාර්ලිමේන්තුවට ඇවිත් පැය ගානක් බේගල් ඇද බාලා යයි. එතකොට ප්‍රශ්න ඉවරයි
ReplyDeleteMin pera siduweem gana pareekshanayak kala yuthui. Rata naya mulinma gaththa kale indala. Okkoma hitiye horune.
Deleteසෙල්ලම් ගෙවල් වල වගේනෙ මහා භාණ්ඩාගාරය ජනතා මුදල් පරිහරණය කරන්නෙ.
ReplyDeleteඅප්‍රේල් මාසේ ආණ්ඩුව වැටෙනවා කියපු මුත්තාගේ සොනික් ඕවාට සම්බන්ධ ඇති
ReplyDeleteආන්ඩුවෙ මහ එවුනුයි මහ බැංකු අධිපතියයි උන්ගෙ ඇම්බැට්ටයො ටිකයි එකතු වෙලා ගහපු ගේමක්. මහ බැංකුව රටාන් පැන්න.හොරකම දන්න එකාව මැරුව. මොන අපරාධයක්ද මේක.මේවට වන්දි ගෙවන්නෙ රටේ මහජනතාව.දවසින් දවස දුකට පත්වෙනව.ආදායම් අඩුවෙනවා.හෙන හතම වදින්න ඕනෑ මුන්ට
ReplyDelete