බස් රියදුරා අධික බීමතින් මගීන් පටවාගෙන යයි..


 අධික ලෙස බීමත්ව මගින් රැගෙන බස් රථයක් ධාවනය කල රියදුරා  සැක පිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නුවන් මධුසංඛ මහතා පැවසිය.

හැටන් සිට රාණිකාඩුව දක්වා (29) දින ධාවනය කල බස් රථයේ රියදුරා අධික ලෙස බීමත්ව බස් රථය ධාවනය කරවන බවට එම බස් රථයේ ගමන් ගත් මගීන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කල දැනුම්දීමක් මත බගවන්තලාව පොලිසියේ නිළධාරින් විසින් බස් රථය ලුහුබැද ගොස් බස් රථය බගවන්තලාව කැම්පියන් නගරයෙදි නතර කර රියදුරාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම බස් රථය තුල මගීන් 25 දෙනෙකු පමණ සිටි බවත්, එම මගීන්ව වෙනත් බස් රථවලින් සිය ගමනාන්තය දක්වා යැවීමට කටයුතු කල බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් රියදුරා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔහුව එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවද බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

එම මාර්ගයේ ගමන් ගත් මෙවැනිම බස් රථයක් ඉකුත් (28) දින අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලැබීය.

රංජිත් රාජපක්ෂ 

Previous Post Next Post