හර්ෂණ ඉවත් කරන්නැයි ඉල්ලීම් දැඩිවෙයි.. ආණ්ඩුවෙන් තීරණයක්...


 මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් විපක්ෂය සහ විවිධ සංවිධාන රජයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ. ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ 25ක) ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට නම් ලේකම්වරයා වහාම ඉවත් කළ යුතු බව විපක්ෂය පෙන්වා දෙයි.

මුදල් අමාත්‍ය ධුරය හොබවන ජනාධිපතිවරයාද මෙම සිදුවීමට වගකිව යුතු බැවින් ඔහුද එම ධුරයෙන් ඉවත් විය යුතු බව දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන ප්‍රකාශ කර ඇත.

ලේකම්වරයා සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග කඩ කර ඇති බැවින්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කරන ලෙස මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම වංචාව ගෙවීම් වාර දහයකදී සිදුව ඇති බවත්, මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ලේකම්වරයාට මාසයක කාලයක් ලබාදීම වැඩි බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙයි.

එසේ වුවද, භාණ්ඩාගාර ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ඒ පිළිබඳ රජය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් පවා සිදුව නොමැති බවත් ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කර ඇත. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ඉල්ලීම් කිරීමට විපක්ෂය සූදානමින් සිටී. 

4 Comments

  1. Both of them has blood on their hands now with the death of the officer Ranga

    ReplyDelete
    Replies
    1. Very true. Both finance minister and this secretary has blood on their hands. How could they live without even sending a condolence to the officer Ranga’s family. Bloody cannibals.

      Delete
  2. බත් gotto ain කරලා කොහොමද?

    ReplyDelete
  3. දිනමිණ - April 29, 2026

    මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක වෙන ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

    මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

    සුභා­ෂිණී සේනා­නා­යක

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete
Previous Post Next Post