ඉරානයෙන් ඇමරිකා යුද නැවුවලට මිසයිල ප‍්‍රහාර..


 ගෝලීය තෙල් ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඉරාන ආරක්ෂක අංශ පවසන අතර, ඇමෙරිකානු මධ්‍යම විධානය එම පුවත සාවද්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇත.

ඉරාන රජයේ නිල පුවත් සේවය වාර්තා කරන පරිදි, සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ සතුරු යුද නැව්වලට "ක්ෂණික සහ තීරණාත්මක අනතුරු ඇඟවීම්" නිකුත් කර ඔවුන් ආපසු හරවා යැවීමට ඉරාන නාවික හමුදාව සමත්ව තිබේ. 

ඉරානයේ අර්ධ රාජ්‍ය 'ෆාර්ස්' පුවත් සේවය පවසන්නේ ජස්ක් වරාය ආසන්නයේදී ඇමෙරිකානු නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වූ බවත්, ඉන් අනතුරුව එම නෞකාව පසුබැස ගිය බවත්ය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු මධ්‍යම විධානය සිය 'X' ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ තම නාවික හමුදාවට අයත් කිසිදු නෞකාවකට ප්‍රහාර එල්ල වී නොමැති බවයි. 

ඇමෙරිකානු හමුදාවන් මේ වන විට 'ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්' මෙහෙයුම යටතේ ඉරාන වරායන් වෙත නාවික අවහිරතා පැනවීමේ නිරතව සිටින බව ද එහි සඳහන් වේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ඉරිදා ප්‍රකාශ කළේ, ඉරාන - ඊශ්‍රායල යුදමය තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ අතරමංව පවතින උදාසීන රටවලට අයත් නෞකා මුදාගැනීම සඳහා "මානුෂීය මෙහෙයුමක්" අද (සඳුදා) පෙරවරුවේ සිට ආරම්භ කරන බවයි.

මෙම ප්‍රකාශයත් සමඟ කලාපයේ ආරක්ෂාව දැඩි කර ඇති ඉරාන සන්නද්ධ බලකායන්, විදේශීය නාවික හමුදාවන්ට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා නොකරන ලෙසටත්, එසේ කළහොත් දැඩි ප්‍රතිප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බවටත් අවසාන නිවේදනයක් නිකුත් කර තිබේ.

2 Comments


  1. ehata mehata pacha kiyagena innawa witharai, karana magulk ikmanata karala oka iwarayak karapalla ban,

    ReplyDelete
  2. මොහමඩ් සල්ගාදුMay 4, 2026 at 9:44 PM

    ඇමරිකාව ඉවරයි, කුඩු, දැන් ද්විපාර්ශ්වික ගිවිසුමක් ගහන්ඩ ඉරානෙ එක්ක කොණකපන්ඩ ලංකාවේ ඉරානෙට කඩේ යන එවුන් හැමෝගෙම, සුදු කෙට්ටු කොල්ලන්ට 10%ක් ඩිස්කවුන්ට් දෙනවා.

    ReplyDelete
Previous Post Next Post