යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින පැමිණිලිකරු ලබාගෙන ඇති විශ්‍රාම ණය මුදල පියවීමට උදව් කළ හැකි බව පවසා, පැමිණිලිකරුගේ ණය මුදල් සම්බන්ධයෙන් විස්තර ලබාගෙන එම විස්තර අනුව, රු.2,500,000/-(රුපියල් ලක්ෂ විසිපහක) ආධාර මුදල ලබා ගැනීමට පෙර ගෙවිය යුතු මුදල් ලෙස අවස්ථා 03 ක දී අල්ලස් ලෙස රු.129,600/- ක (රුපියල් එක්ලක්ෂ විසිනවදහස් හයසියය) ක මුදලක් මහජන බැංකු ගිණුමකට බැර කරවාගෙන, නැවතත් ලේඛණ ගාස්තු ලෙස රු.13,457/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉහත ගිණුමට බැර කරන ලෙස දැනුම් දීම යන අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර පණ්ඩුලගම යුධ හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු වන දිසානායක මුදියන්සේලාගේ සජිත් සමීර දිසානායක යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.05.08 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

රෙනවිරු ගාය 😹😹😹😹😹🤮🤮🤮🤮🤮
ReplyDeleteදිසානායක?
Deleteවාසගම හුරු පුරුදුයි. නෑදෑයොද දන්නෙ නැහැ
ReplyDeletehttps://youtu.be/OJWAayCFZUQ?si=6ux6rvEIT_y5yoBD
ReplyDelete