හෙල්මට් නැතිව ත‍්‍රිබල් පිටින් වැඩ දැමූ ස්කූටි අක්කලා අල්ලයි..


 පසුගිය දිනවල තරුණියන් තිදෙනෙකු විසින් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. 

ලැබුණු තොරතුරු සහ දර්ශන ඔස්සේ බුත්තල පොලිස් ස්ථානය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලද අතර එහි ප්‍රථිපලයක් ලෙස යතුරු පැදියෙහි ලියාපදිංචි අයිතිකාරිය, පැදිකාරිය සහ පසුපස ගමන් ගත් අනෙක් තරුණියන් දෙදෙනා හඳුනා ගැනීමට එහිදී හැකි විය. 

ඔවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. 

මෙසේ අපරික්ෂාකාරී ලෙස යතුරු පැදිය පැදවූ වයස අවුරුදු 23ක් වන තරුණියට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බවට විමර්ශනයේදී අනාවරණය විය. 

ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදිය ධාවනය, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියේ දෙදෙනෙකු රැගෙන යාම, වැඩිපුර මගීන් රැගෙන යාම, අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකාරිය ද, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

බුත්තල පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි. 

9 Comments

  1. රටේ මෙච්චර හොරකං වෙලා පොලීසියට ගානක් නෑ. හෙල්මට් නැති කෙල්ලෙක්ව උසාවි. දාපියකො ඔය විදිහටම භාණ්ඩාගාර හොරුන්වයි, NDB බැංකු මංකොල්ල කාපු උන්වයි, RDA ගසාකාපු උනවයි, කන්ටේනර් පන්නපු උන්වයි, ගල් අගුරු හොරුන්වයි, බොර තෙල් හොරුන්වයි, එකී නොකී මෙකී හොර ජෙපි රැලව උසාවි.

    ReplyDelete
    Replies
    1. තොපි නම් ගූ විමලයාට ම හොදයි. රථ වාහන පොලීසිය තියෙන්නේ මොකටද කියලා වත් දන්නේ නෑ

      Delete
    2. loku waradi, podi waradi kiyala deyak na. waradda waradda thama. penawane ithin mun hithana widiha. kohe hadannada hoda ratak. mun thamayi me ratata sape

      Delete
    3. Kaiyanayakage arthal case ekatath me wage ikman visadun labewa

      Delete
    4. Kaiyanayakage arthal case ekatath me wage ikman visadun labewa

      Delete
    5. Ithin Hutto meka hari wadakda.. Karu kalath wardi. okunta dada gahala padamak ugannawanna ona..

      Delete
  2. ඕව පෙන්නලා තමයි නීතිය හැමෝටම sadaranai කියලා උඩ පනින්නේ. නොදකින් විතරක්

    ReplyDelete
  3. ඕව පෙන්නලා තමයි නීතිය හැමෝටම sadaranai කියලා උඩ පනින්නේ. නොදකින් විතරක්

    ReplyDelete
  4. හිල් තියෙන යට කලිසම් අඳින්නේ නැතුව යට කලිසම නැතුවම පාරේ යන්න මාලිමා ජෙප්පනි.ලැජ්ජයි හිරිකිතයි.සමහරවිට කෙලි පොජ්ජෝ ටික අවුරුදු උත්සවයකට සම්බන්ධ වෙන්න යන්න ඇති.සතුටුයි ද දැන්?

    ReplyDelete
Previous Post Next Post