එළවළු මිල අහස උසට...


 පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙන්ම වෙසක් දන්සැල් පවත්වන සංවිධායක පිරිස්ද ෂ්කරථාවයනක්ට පත්ව ඇත.

මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි ක්‍රිලෝව රුපියල් 650ත් 700ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 350ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 400ත් 450ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 380ත් 420ත්, ගෙඩි ගෝවා ක්‍රිලෝව රුපියල් 150ත් 200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 450ත් 500ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, නොකෝල් ක්‍රිලෝව රුපියල් 350ත් 400ත්, වැටකොළු ක්‍රිලෝව රුපියල් 450ත් 480ත් වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට විකිනෙනු ඇත.

මෙසේ එලවළු මිල ඉහල යාම පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ එලවළු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට අවශ්‍ය එලවළු මිලට ගැනිමට නොහැකි තත්වයක් පැවතිමත් සමග දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

එලවළු මිල මෙසේ ඉහල යාම හේතුවෙන් වෙසක් උත්සවය නිමිති කර ගෙන පවත්වනු ලබන වෙසක් දන්සැල් කර ගෙන යාමේදි තමන් කලින් ඇස්තමේන්තු කරන ලද මුදලට වඩා අමතරව තවත් අතිරේක මුදලක් වැය කිරිමට සිදු වන බවත් මෙම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ වෙසක් දන්සැල් පවත්වන සංවිධායකයන් පිරිසක්ද පවසන ලදි.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එලවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ පවතින අයහපත් කාලගුණික තත්වයන් මත එලවළු තොග මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එලවළු මිල ඉහල යාමත් සමග පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.

- මනුර සුදත් සෙල්ලහේවා

3 Comments

  1. ලප ශාපය.

    ReplyDelete
  2. මේවා සැලසුම් සහගතව කරන මිල වැඩි කිරීම්. ලංකාවට විතරද වහින්නෙ, ලෝකෙ සෑම රටකටම වහිනව, පායනවා, සුලි සුලං, කුණාටු, අයිස් වැටෙනවා, හැබැයි ලංකාවේ වගේ බලු විදියට මිල වැඩි කරන රටක් ලෝකයේම නැතුව ඇති.

    ReplyDelete
Previous Post Next Post