ශ්‍රී පාද කේබල් කාර් ව්‍යාපෘතියට පරිසර අනුමැතිය දී නෑ...

 ශ්‍රී පාදස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මෙතෙක් කිසිදු පාරිසරික අනුමැතියක් ලබා දී නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් තහවුරු කළේ, අදාළ ව්‍යාපෘතිය සඳහා මෙතෙක් පාරිසරික බලපත්‍රයක් හෝ අනුමැතියක් නිකුත් කර නොමැති බවයි. 

ශ්‍රී පාදස්ථාන භූමියේ මෙවැනි ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී තිබේද යන්න විමසමින් යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරක යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී පාද අඩවිය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවට මීට පෙර වාර්තා පළ විය. 

කෙසේ වෙතත්, එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම මධ්‍යම පරිසර අධිකාරියේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වන අතර, ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Previous Post Next Post