අද (18) දින ගනුදෙනු නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය යන දෙකම සැලකිය යුතු ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.
දින අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 592.28 කින් (සියයට 2.59 කින්) පහළ බැස ඒකක 22,313.47 ක් ලෙස සටහන් විය.
එමෙන්ම, මෙරට ප්රමුඛ පෙළේ සමාගම් 20 නියෝජනය කරන S&P ශ්‍රී ලංකා 20 දර්ශකය ද අද දින ඒකක 122.26 කින් (සියයට 1.95 කින්) පහත වැටී ඒකක 6,161.98 ක් දක්වා පහළ ගොස් ඇත.
අද දින වෙළෙඳපොළ තුළ රුපියල් බිලියන 4.8 කට අධික (රු. 4,886,141,875.50) පිරිවැටුමක් වාර්තා වූ අතර, සමස්ත කොටස් ප්‍රමාණය 210,439,405 ක් ගනුදෙනු වී තිබේ.
දවස පුරා සිදුවූ සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 48,511 කි.

රුකපුදය.
ReplyDelete