දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් කතානායක ජගත් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
ගරු කථානායක තුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
ගරු කථානායක තුමනි,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් තහනම් කළ සංවිධානයක බෙදුම්වාදී ත්‍රස්තවාදී නායකයකුට පාර්ලිමේන්තුවේ දී ගෞරව උත්තමාචාර පුද කිරීමට ඉඩ ලබාදීමේ වරද පිළිබඳව
වන්නි දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිකරන් විසින් 2026/05/21 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මියගිය බෙදුම්වාදී ත්‍රස්තවාදී නායකයකුට ගෞරව උත්තමාචාර පුද කිරීමට ඔබතුමා ඉඩ ලබාදී ඇත. ඊට අදාළව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා හෝ විපක්ෂ නායකයා හෝ වෙනත් මන්ත්‍රීවරයකු විසින් කිසිඳු විරෝධයක් පළ නොකිරීම සහ එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන ලෙස ඉල්ලා නොසිටීම ඉතාම නරක පූර්වාදර්ශයක් බව ඔබතුමාට වැටහෙනු ඇත.
එම ප්‍රකාශය මගින් අදාළ මන්ත්‍රීවරයා විසින් බ්‍රිගේඩියර් බාල්රාජ් නම් වූ අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මිලේච්ඡ ඝාතන රාශියකට වගකිවයුතු බෙදුම්වාදී ත්‍රස්තවාදියෙකු ඊළාම් විමුක්ති අරගලයේ වීරයකු ලෙස අනුස්මරණය කර උපහාර දක්වා ඇත.
ඔහුගේ එම ප්‍රකාශය මගින් රටේ ව්‍යවස්ථාව සහ නීතිය පමණක් නොව ඔහු විසින් බෙදුම්වාදයට එරෙහිව ලබාදෙන දිව්රුම් ප්‍රකාශය ද උල්ලංඝනය කර ඇති බව ඔබතුමාට පිළිගැනීමට සිදුවේ. ඒ ආකාරයට තහනම් කළ සංවිධානයක ත්‍රස්තවාදී නායකයකුට විශේෂයෙන්ම රට බෙදා වෙන්කිරීම හෙවත් ඊළාම් රාජ්‍යය නිර්මානය කිරීම සඳහා මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකළ පුද්ගලයකුට පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් මගින් උපහාර පිදීමට ඉඩදීම මගින් අනාගතයේ දී එවැනි ක්‍රියා තවදුරටත් සිදුකිරීමට සහ පොදු මහජන මනසේ වැරදි පිංතූරයක් නිර්මාණය කිරීමට අවකාශය සැලසේ.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට, ස්ථාවර නියෝගවලට පමණක් නොව රටේ නීතියට සහ ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකට පාර්ලිමේන්තුව තුළ ඉඩ ලබාදීම මගින් ඔබතුමා විසින් ඔබතුමාගේ බරපතළ වගකීමක් නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය. එම නිසා එම වරදි නිවැරදි කිරීම සඳහා අදාළ ප්‍රකාශය වහාම හැන්සාඩ් වාර්තාවලින් ඉවත්කරන ලෙස සහ එවැනි ක්‍රියා මින් පසුව සිදු නොවන බවට වගබලා ගැනීම සඳහා මාර්ගෝපදේශ නිකුත්කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.
මේ වගට,
වෛද්‍ය වසන්ත බණ්ඩාර,
මහ ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය.
දේශපාලන බලය තියා ගන්න නේද මේ ජෙප්පෝ කොටිත් එක්ක එකතු වෙලා ඉන්නේ....කොටින්ට අවශ්‍ය අලුත් වියවස්තාවක් ගේන්න ඕන කරන දේශපාලන බලය තබා ගන්න කරන තවත් ද්‍රෝහී උප්පරවෑට්ටියක් ...
ReplyDeleteජෙප්පො අම්ම අප්ප විකුණලා හරි බලය තියාගන්න ලෑස්තියි. උන්ගෙ තාවකාලික වින්දනය සඳහා දෙමළ ඩයස්පෝරාවට ලංකාව විකුණන්න වුණත් පුලුවන්.
ReplyDeleteවියවස්තාවට අනුව මූව හිරේ දාන්න පුලුවන්. දිවුරුම් දෙනකොට දිවරනවා රටේ ඒකීය බව ආරක්ශා කරනවා කියලා. මුව බරපතල වැඩ ඇතිව හිරේ දාපල්ලා.
ReplyDelete