නි. ඇමතිගේ මස්සිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට..


 - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2045 ක් ළඟ තබා ගෙන සිටි බව කියන නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ මස්සිනා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. 

ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍යද සමග මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අයිස් මත්ද්‍රව්‍ය සමග ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දී ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මස්සිනා බවට තොරතුරු හෙළිවිණැයි ද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

අත්අඩංගුවට ගත් තරුණයාට මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය ගැන තොරතුරු හෙළිකර ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

පරීක්ෂණ වලින් අනතුරුව සැකකාර තරුණයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

- ලංකාදීප

6 Comments

  1. ආණ්ඩුවේ නි . ඇමතිවරයාගේ මස්සිනා නිසා රඳවාගන්නේ නැතේ ..................

    ReplyDelete
  2. අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරීන් ප්‍රවේශම් වන්න. මතකද සූරියකන්ද ganja pala.

    ReplyDelete
  3. ඔය අයිස් methamphetamin ග්‍රෑම් 2 ක තව ටික දවසකින් සූකිරි වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  4. මේ ආන්ඩුව ආව දවසෙ ඉදන් කුඩු. කුඩු කොන්ටේනර් 323 කුඩු ඇමතිලගෙ හෙන්චයියො දම්මල විකුනන්නෙ. රට විනාස කරල මුන් යන්නෙ. අද වෙනතුරු කිසිම ස්ංවර්දනය ක් නෑ. සල්ලි යටි මඩි ගහනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. ha hodai...Uba gihin nida ganin..dan athi..

      Delete
  5. දැක්කද, නියෝජය ඇමතිගේ මස්සින කියල නෑ. නීතිය සැමට එකයි.

    ReplyDelete
Previous Post Next Post