රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාස ගණනාවක් තිස්සේ 'වාණිජ රහස්' ලෙස හුවා දක්වමින් මහජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කළ වර්තමාන රජය යටතේ ගෙන්වන ලද එයාර්බස් A330-200 (4R-ALT) ගුවන් යානය ලබා ගැනීමේ ගනුදෙනුවට අදාළ මූල්‍ය තොරතුරු දැන් හෙළිදරව් වී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් ලබා දුන් තීරණාත්මක නියෝගයකට අනුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම ගනුදෙනුව මිලදී ගැනීමක් නොව වසර 8 ක කාලසීමාවක් සඳහා වූ මෙහෙයුම් කල්බදු (Operating Lease) ගිවිසුමක් බව අනාවරණය වී ඇත.
මෙම රහසිගත ගිවිසුමට අනුව, අදාළ ගුවන් යානය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගෙවිය යුතු පළමු මාසික වාරිකය ඇමරිකානු ඩොලර් 275,000 කි. 2025 ජුනි මාසයේ සිට 2033 ජුනි දක්වා බලපැවැත්වෙන පරිදි අත්සන් කර ඇති මෙම ගිවිසුමේ වාර්ෂික කුලී පිරිවැය ඇමරිකානු ඩොලර් (USD) 3,300,000 කි. ඒ අනුව, වසර 8ක සම්පූර්ණ කල්බදු කාලය අවසානයේදී ජාතික ගුවන් සේවය විසින් මෙම තනි ගුවන් යානය වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 26.6 ක (USD 26,675,000) පමණ දැවැන්ත මුදලක් ගෙවීමට බැඳී සිටින බව තහවුරු වී තිබේ.
රහස්‍යභාවයේ මුවාවෙන් වසන් කළ 'වාණිජ රහස්'
පසුගිය කාලසීමාව පුරා දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් අලුතින් එක්කර ගත් එයාර්බස් A330-200 ගුවන් යානය පිළිබඳ තොරතුරු විමසා 2025 ජුනි 06 වන දින තොරතුරු ඉල්ලීමක් යොමු කරන ලදී. එම ඉල්ලීම මඟින් ප්‍රශ්න හයක් යටතේ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම, ගුවන් යානය ලබා ගත් ආයතනය, නිෂ්පාදිත වර්ෂය සහ කල්බදු වාරික පිළිබඳ විස්තර විමසා තිබුණි. මෙහිදී පොදු අධිකාරිය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තොරතුරු ඉල්ලීමෙහි 1, 2, 3 සහ 6 යන අයිතම සඳහා තොරතුරු ලබා දී ඇතත්, 4 සහ 5 අයිතම යටතේ වූ කල්බදු තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත්, 2025 ජුනි 30 දින ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ලියාපදිංචි අංක 286 යටතේ නිකුත් කළ ලිපියක් මගින් අදාළ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඒ සඳහා ඔවුන් පදනම් කර ගත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 (1) (ඈ) වගන්තියයි. එම වගන්තියට අනුව, යම් තොරතුරක් හෙළිදරව් කිරීමෙන් අදාළ පාර්ශ්වයන්ගේ වාණිජමය අවශ්‍යතාවන්ට හෝ තරගකාරීත්වයට හානි සිදු වන්නේ නම්, එම තොරතුරු ප්‍රතික්ෂේප කළ හැකිය. වසර ගණනාවක් තිස්සේ මහජන බදු මුදලින් නඩත්තු වන ආයතනයක් මෙවැනි මූල්‍ය දත්ත 'රහස්‍ය' ලෙස සැලකීම පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතු විය.
තොරතුරු කොමිසමේ මැදිහත්වීම සහ තීරණාත්මක නියෝගය
පොදු අධිකාරියේ නම් කළ නිලධාරියා වෙත කරන ලද අභියාචනය ද නොසලකා හැරීමෙන් පසු, අභියාචකයා විසින් තොරතුරු කොමිෂන් සභාව හමුවට අභියාචනා කිරීමෙන් පසු අභියාචනා අංක: RTIC APP/No: 1061/2025 යටතේ මේ සම්බන්ධයෙන් අභියාචනා විභාගය සිදුකළ අතර මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්ථාවරය වූයේ, කල්බදු ගිවිසුම්වල කොන්දේසි හෙළි කිරීමෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ සිය තරගකාරීත්වයට සහ සැපැයුම්කරුවන් සමග පවතින විශ්වාසයට හානි වන බවයි.
එහෙත් කොමිසම හමුවේ මතු වූ ප්‍රධාන කරුණ වූයේ "පොදු යහපත" (Public Interest) යන්නයි. පනතේ 5(4) වගන්තියට අනුව, යම් තොරතුරක් හෙළිදරව් කිරීමෙන් සිදුවන හානියට වඩා එමගින් සැලසෙන පොදු යහපත විශාල නම්, එම තොරතුරු ලබා දිය යුතුය. 2026.01.21 දින පැවැති අභියාචනා විභාගයේදී කොමිසම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට නියෝග කළේ, අදාළ තොරතුරු ලබා දීමට නොහැකි නම්, තෙවන පාර්ශ්වයක තොරතුරු මුදා නොහරින ලෙස ගිවිසුමේ ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අදාළ කල්බදු ගිවිසුමේ පිටපතක් මුද්‍රා තබා කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසයි.
කෙසේ නමුත් රාජ්‍ය සතු ව්‍යවසායයක් (SOE) වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලුම මූල්‍ය ගනුදෙනු අවසානයේදී මහජන මුදල් හා සම්බන්ධ වේ. වසර ගණනාවක් පාඩු ලබන ආයතනයක ගනුදෙනුවක වාණිජමය ශක්‍යතාව (Commercial Viability) සහ සාධාරණත්වය (Fairness) තක්සේරු කිරීම මූලික මහජන අවශ්‍යතාවක් ලෙස අභියාචක (තොරතුරු ඉල්ලුම්කරු) කොමිසමේදී පෙන්වා දෙන ලදී, නිශ්චිත පිරිවැය හෙළිදරව් කිරීමෙන් බදු දෙන්නාගේ වෙළෙඳපොළ තරගකාරීත්වයට හානි වන බව පැවැසීමට ප්‍රමාණවත් සාක්ෂි පොදු අධිකාරිය විසින් ඉදිරිපත් කර නොමැති බව ද එහිදී පෙන්වාදී තිබේ.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් පසු, 2026 මාර්තු 05 වන දින තොරතුරු කොමිසම විසින් තීරණාත්මක නියෝගය ලබා දෙමින් දින 30ක් ඇතුළත තොරතුරු ඉල්ලුම්කරු වෙත තොරතුරු ලබා දෙන ලෙස පොදු අධිකාරියට නියෝග කරන ලදී. මෙහිදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (2026 මාර්තු 05 දිනැති තීන්දුව) මගින් එම තර්කය ප්‍රතික්ෂේප කරමින් පහත කරුණු අවධාරණය කළේය.
"වාණිජ රහසක් ලෙස සැලකිය හැක්කේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂා කර ඇති කරුණු පමණි. කල්බදු ගාස්තු සහ කාලසටහන් ද්විපාර්ශ්වික එකඟතාවන් වන අතර, ඒවා පොදු අරමුදල් හා බැඳී පවතී." එමෙන්ම, තොරතුරු හෙළිදරව් කිරීමෙන් සිදුවන හානියට වඩා එමඟින් ඉටුවන මහජන යහපත ඉහළ මට්ටමක පවතින බව 5(4) වගන්තිය යටතේ කොමිසම නිරීක්ෂණය කර ඇත.
මාස 9ක දීර්ඝ නීතිමය සටනකින් පසු ලැබුණු මෙම නියෝගය, රාජ්‍ය ආයතනවල රහස්‍යභාවය නමැති පවුර බිඳ දැමූ පුරවැසි ජයග්‍රහණයක් ලෙස සැලකේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම මගින් 2026 මාර්තු 30 දිනැතිව ලබාදුන් තොරතුරු අනුව ඉහත සඳහන් කරන ලද තොරතුරු අනාවරණය විය.
මහජන මුදල් සහ රහස්‍යභාවය
අනාවරණය වූ තොරතුරු අනුව, අදාළ ගුවන් යානය 2011 වසරේ නිෂ්පාදනය කරන ලද පැරණි යානයකි. වසර 14ක් පැරණි යානයක් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියන 3.3ක් වැනි විශාල මුදලක් ගෙවීමට එකඟ වීම පිළිබඳව මේ වනවිට ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්න මතු වී තිබේ.
දත්ත
ගුවන් යානා වර්ගය - Airbus A330-200 (Wide-body)
නිෂ්පාදිත වර්ෂය - 2011
ගනුදෙනුවේ ස්වභාවය - වසර 08ක මෙහෙයුම් කල්බදු (Operating Lease)
මාසික කුලිය - USD 275,000
වාර්ෂික කුලිය - USD 3,300,000
මුළු පිරිවැය (වසර 8) - USD 26,675,000
එමෙන්ම මෙම එයාර්බස් ගනුදෙනුව හරහා හෙළිදරව් වන්නේ රාජ්‍ය ආයතන 'වාණිජ රහස්' නමැති ලේබලය යටතේ තමන්ගේ තීන්දු තීරණ මහජන විගණනයෙන් වසන් කිරීමට දරන උත්සාහයයි. තොරතුරු කොමිසමේ මෙම නියෝගය, එවැනි රහස්‍ය ගනුදෙනු පිළිබඳව පැන නගින සැක සංකා මඟහරවා ගැනීමටත්, රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීමටත් ලැබුණු වැදගත් පූර්වාදර්ශයකි.
Aruna


මොඩල් එක 2016න් පස්සේ නිෂ්පාදනය කරන්නෙත් නෑ.ගෙනල්ල තියෙන්නේ 2011 අවුරුද්දෙ එකක් හැබැයි 2012 අවුරුද්ද එකක් ඩොලර් මිලියන 46 කට සල්ලි වලටම ගන්නත් පුළුවන්.
ReplyDelete28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව
ReplyDeleteඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.
අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.
28 – 8583
මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.
මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.
වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
මේ නිව්ස් එක හැම පෝස්ටුවේ ම කොමෙන්ටුවක් විදියට එල්ලන්නේ ඇයි? ඒ වාහනය සමග ඔයාගේ සම්බන්ධයක් තියෙනවද? නැතිනම් ගයනි ඔයා දන්න කෙනෙක් ද? ඔයා ගයනි එක්ක යාලු වෙන්න හදලා එයා බෑ කිව්වද?
Delete