2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (VAT) පනත සංශෝධනය කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පත මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නව සංශෝධන යටතේ මූල්‍ය සේවා මත අය කරනු ලබන එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය සියයට 18 සිට සියයට 20.5 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. මෙම සංශෝධනය 2026 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
වැට් බදු සඳහා ලියාපදිංචි විය යුතු වාර්ෂික පිරිවැටුම් සීමාවන් ද මෙමගින් සංශෝධනය කර ඇති අතර, නව සීමාවන් 2026 ජූලි 1 සිට බලාත්මක වේ. ඒ අනුව, යම් බදු අය කළ හැකි කාල සීමාවක පිරිවැටුම රුපියල් මිලියන නවයක් (09) ඉක්මවන හෝ වසරක සමස්ත පිරිවැටුම රුපියල් මිලියන තිස් හයක් (36) ඉක්මවන ව්‍යාපාර වැට් බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
නවීන තාක්ෂණික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ඉලෙක්ට්‍රොනික වේදිකා (Electronic Platforms) හරහා සපයනු ලබන සේවාවන් සඳහා වැට් බදු අය කිරීමේ විධිවිධාන 2026 ජූලි 1 දක්වා දීර්ඝ කර ඇත. ඩිජිටල් සේවා ලියාපදිංචි කිරීම සහ බදු ගෙවීම සඳහා වන නව පරිච්ඡේදයක් ද පනතට අලුතින් ඇතුළත් කර තිබේ.
බදු එකතු කිරීම සහ ගිණුම්කරණය විධිමත් කිරීම සඳහා විකුණුම් ස්ථාන යන්ත්‍ර භාවිත කිරීම පිළිබඳ නව විධිවිධාන හඳුන්වා දී ඇත.
වැට් බදු ගණනය කිරීමේදී පළාත් පාලන ආයතන මගින් අය කරන විනෝද බද්ද අඩු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බදු ආපසු ලබා ගැනීමට උත්සාහ කරන පිරිස් සඳහා වන දණ්ඩන විධිවිධාන සහ අපරාධ නඩු කටයුතු තවදුරටත් දැඩි කර ඇත.
මීට පෙර ක්‍රියාත්මක වූ "සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය" (SVAT) ඉවත් කිරීමට අවශ්‍ය ආනුෂංගික සංශෝධන ද මෙයට ඇතුළත් වේ.

අන්රයියේ තව මදි. ලක්ෂ 68 බූරුවන්ගේ ඉක පුරෙන්න බදු ගහන්න.
ReplyDeleteමහ බැංකුවත් හොරාකාපු වේස කලු කොට අඟුරු කුමාර බදු කොටා ක්‍රෑහ් තුඃ
Deleteමූට ඡන්දේ දීපු මොලේ අඩු 68 ලක්ෂෙන් විතරක් බදු අය කරගනිව්. අනිත් උන්ට බදු නොගහා.
Deleteඡන්දෙට කලින් කිව්වේ ආහාර පාන සදහා vat අඩුකරනවා කියලා. මුන් ඔක්කොම pachorisla.
ReplyDeleteමේවගේ නිව්ස් වලට ඩයිමයිනගෙ ඩෝබි බලකාය බෝක්කු අස්සේ හැංගිලා
ReplyDelete